නිෂ්පාදන අංශයේ පසු බෑමක්: සේවා අංශයේ ඉහළ යෑමක් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේදී 42.1 අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 3 years ago
දුමින්දට දුන් ජනපති සමාවට එරෙහි පෙත්සම් 3ට දින දෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 පෙබරවාරි 7 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 3 years ago
මැතිවරණ පෙත්සම් විභාගයට දින දෙයි පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි බලකරමින් රිට්ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා - සමගි ජනබලවේගයේ මහාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජත් මද්දුම බණ්ඩාර ගොනු කළ රට් පෙත්සම් ජනවාරි 10 වැනි දින විභාග කිරීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් තොරතුරු මැතිවරණ කොමිසමට බාරදෙන ලෙස පෙත්සම් කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියෝග කළේය. 3 years ago
විදුලිබල මණ්ඩලයේ කටයුතු නියාමනයට ස්වාධීන ආයතන පහක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු නියාමනය සඳහා ස්වාධීන ආයතන පහක් පිහිටුවීමට එහි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇති බව එම කමිටුවේ සාමාජිකයෙක් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා පැවසීය. 3 years ago
තිළිණිට ඇප ලැබේ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය . 3 years ago
පේරාදෙණිය සරසවි සිසුවෙක්ගේ මව්පියෝ මානව හිමිකම් යති පේරාදේණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 අතරින් එක් සිසුවෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 3 years ago
පොලිසිය අයිස් සොයා පාසල් පීරයි කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . 3 years ago
ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්? ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය. 3 years ago
අයිස් ගැසූ සිසුන් 81ක් පුනරුත්ථාපනයට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 3 years ago
ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි ආකාරයේ දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 3 years ago
සංවර්ධන ලොතරැයියේ හිටපු සභාපතිගේ වැඩ එළියට සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපතිවරයකු මණ්ඩලය නමින් සිය පෞද්ගලික පරිහරණයට මුදල් ගෙවා ලබා ගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා කැබ් රථයක් වෙනුවෙන් මණ්ඩලය 2020 දෙසැම්බර් මුදල් ගෙවා ඇතැයි විගණන වාර්තාවකින් අනාවණය වෙයි. 3 years ago
උතුරු නැගෙනහිරට හෙට සිට තද වැසි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වය හෙට (17) සිට වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago