බිරියගෙන් එස්.ටි.එෆ් සැමියාට උණුතෙල් ප්‍රහාරයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් සැමියට ඔහුගේ බිරිය උණු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. 01 October 2023
මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම විදෙස් වෙබ් අඩවි මෙසේ කියයි මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත. 01 October 2023
ජපානයේදී මියගිය සඳමාලිගේ චෝදනාව ඉවතට ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලංකික තරුණියක මියයාම සම්බන්ධයෙන් එරට ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් ප්‍රතික්ෂේප කර ඇති බව එරට එන්.එච්.කේ රූපවාහිනි සේවය වාර්තා කර ඇත. 01 October 2023
‘‘පෝලිම් නැති කළාට සංවර්ධනයක් නෑ‘‘ ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවැසීය. 01 October 2023
අඟුණුකොලේ බන්ධනාගාරයට වෛද්‍යවරයකු නෑ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට එකම වෛද්‍යවරයකු හෝ නොමැති වීමෙන් එහි රඳවා සිටින රැඳවියන් 1,500 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 01 October 2023
නාවික හමුදාවට නව වෛද්‍ය නිලධාරීන් 7 ක් ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හතක් පසුගියදා විසිර ගියහ. 01 October 2023
‘‘ගුවන් යානයකට හොරෙන් රිංගීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට පුද්ගලයා සම්බන්ධයෙන් වාහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා ඉද නියෝග කළේය. 01 October 2023
වල්ලපට්ටා සමඟ විශ්‍රාමික බැංකු නිලධාරියා දැලේ වල්ලා පට්ටා කිලෝ 45 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටී විශ්‍රාමික බැංකු නිළධාරීයෙකු අද(10) අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත . 01 October 2023
වැස්සෙන් 5,000 ක් අමාරුවේ රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් පළාත් තුනක පවුල් 1,275 කට අයත් පුද්ගලයන් 5,051 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (1) පැවසීය. 01 October 2023
හතරක් ඕන තැනට 10ක් දීලා,ඕ.ටී.මල්ලක් කරේ බැඳලා හතරලියද්ද ග්‍රාමීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද එම රෝහලේ ඊට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරමින් අතිකාල දීමනා පවා ලබා ගන්නා බව වාර්තා වේ. 01 October 2023
දුප්පත්කම නැති කරන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක් දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 01 October 2023
මුලතිව් සිද්ධියට පරීක්ෂණයක් ඉල්ලයි මුලතිව් මහේස්ත්රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එ පිළිබඳ පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නයි රජයෙන් ඉල්ලා සිටි. 01 October 2023
බොරළුකන්ද විහාරය ඉදි කිරීමට එරෙහි විරෝධයට වාරණයක් නිලාවේලි බොරළුකන්ද රජමහා විහාරයේ ඉදි කිරීම් වලට එරෙහිව අද (01) ඉලුප්පුකුලම්හි පැවැත්විමට සුදානම්වු විරොධතාවයක් වාරණයට ලක් කරමින් ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් එම්.ආර්.අන්පාර් මහතා වග උත්තරකරුවන් අට දෙනෙකුට නියෝගයක් නිකුත් කලේය. 01 October 2023
ප්‍රා.ලේ. කොට්ඨාස 30 කට නායයෑමේ අවදානමක් වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කට නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (1) පෙරවරුවේ පැවසීය. 01 October 2023
ලංගම බසයේ කොන්දොස්තරට ගහලා අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්රතරවරයාට කැකිරාව පොදු ක්‍රීඩාංගණය අසලදී මැර පිරිසක් පහරදීම ටිකට් යන්ත්‍රය ද පොලොවේ ගසා විනාශ කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 01 October 2023
නේපාලයට පියාසර කරන්න සිටි යානය තවමත් ගුවන්තොටේ නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටියහ. 01 October 2023
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉදිරියේ සිය බෝම්බ කබාය පුපුරුවා ගත් බව පැවැසෙයි. 01 October 2023
‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘ මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය. 01 October 2023
ඉන්ධන මිල සංශෝධනයක් මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස ඉන්ධන මිල සංශෝධනය හෙට (2) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 October 2023
ලෝක ජනාවාස දිනයට ජනාවාස සතියක් ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 October 2023
ළමා, වැඩිහිටි අයිතිය රකින්න රජය කැපවී සිටිනවා ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 October 2023
ජාතික සමගියට වෙනම කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා ජාතික සමගිය සහ ප්රතිසන්ධානය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතය. 01 October 2023
උණුවතුර බොයිලේරුවකට වැටී අයෙක් මරුට උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි . 01 October 2023
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නඟිමින් පවති. 01 October 2023
සැකකරු මාංචු සමඟ පැන ගිහින් විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙනරැදුවුම් නියෝග යටතේ මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටිඅයකු ඔහුට දමා තිබූ අත් විලංගු ද සමග පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිමිද්දෙණිය පොලිසිය පවසයි. 01 October 2023
තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල් අඩි පිහිටි තඹලගමුව ප්‍රාදේශීය රොහලේ ඹෞෂධ ගබඩාවේ ඇතිවු ගින්නකින් අද (01) උදැසන එම ගබඩාව,කාර්යාලය හා රසායනාගාරය සම්පුර්ණයෙන් විනාශ වි ගිය බව පොලිසිය කියයි. 01 October 2023
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 01 October 2023
කිඹුලාගේ බලු සෙනෙහස ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කිඹුලන් බහුලව සිටින ගඟකට පැන්න දඩාවතේ යන බල්ලකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් දෙදෙනකු බේරා ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කර ඇත. 01 October 2023
නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටියත්, එය ලබන ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් දැමුණු බව පැවැසෙයි. 01 October 2023
ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දැමෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 01 October 2023
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026