(අංජුල මහික වීරරත්න)

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ඔවුන්ගේ  සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අභියෝග මතින්  රටේ දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දීමට මෙන්ම  රටේ සියලු දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි රජය උර දී සිටින බවද ජනාධිපතිවරයා කීය.

 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ගමන් මගෙහි නියමුවන් වන්නේ වත්මන් දරු පරපුර බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.