(උපුල් හේරත්)

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්රතරවරයාට කැකිරාව පොදු ක්‍රීඩාංගණය අසලදී මැර පිරිසක් පහරදීම ටිකට්  යන්ත්‍රය ද පොලොවේ ගසා විනාශ කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.

සිද්ධියත් සමග එම ස්ථනයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ කර ඇතත් සැකකරු පැනගොස් ඇත.

අදාල බස් රථය අනුරාධපුර සිට මගීන් රැගෙන කොළඹ බලා ගමන් ගනිමින් තිබියදී කැකිරාව පොදු ක්‍රීඩාංගණය අසලදී පැමිණි දෙදෙනකු කොන්දොස්තර වරයාට පහර දීමක් සිදු කර ,ඔහු සතුව තිබූ ටිකට් කඩන යන්ත්‍රය පොළොවේ ගසා ක්‍රීඩාපිටිය දෙසට දිව ගියහ.

පසු දින එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.