
(යොහාන් භාසුර)
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට එකම වෛද්‍යවරයකු හෝ නොමැති වීමෙන් එහි රඳවා සිටින රැඳවියන් 1,500 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම බන්ධනාගාරයේ සේවය කරමින් සිටි එම වෛද්‍යවරිය මීට මාසයකට පමණ පෙර එහි අධිකාරීවරයා බැන වැදුනේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් සේවයෙන් ඉවත්ව ගිය බවත් ඉන් පසුව කිසිඳු වෛද්‍යවරයෙක්ගේ සේවයක් ලැබී නොමැති බවත් වාර්තා වේ.
හදිසි රෝගී තත්වයන්ට පත්වන රැඳවියන් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ද, සෙසු රෝගීන් තංගල්ල සහ හම්බන්තොට රෝහල්වලට යොමු කරන බවත් මෙම තත්වයෙන් රැඳවියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම බන්ධනාගාරයට වෛද්‍යවරුන්ගේ සේවය දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්න ද මේ දක්වා වෛද්‍යවරු අනියුක්ත කර නොමැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd