(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හතක් පසුගියදා විසිර ගියහ.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී එම වෛද්‍ය නිලධාරීහූ පිසිර ගියහ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 33 වන බඳවා ගැනීමට අයත් එම විශ්ව විද්‍යාලයේදී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය අංශයේ උප ලුතිනන්වරයෙක් සහ වැඩබලන උප ලුතිනන්වරුන් දෙදෙනෙක්, විශ්ව විද්‍යාල ප්‍රවේශය යටතේ නාවික හමුදාවට බැඳී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ වැඩබලන උප ලුතිනන්වරු තිදෙනෙක් සහ ඉඳුරාම බඳවාගත් උප ලුතිනන්වරයන් වශයෙන් කාන්තා වෛද්‍ය නිලධාරීන් තිදෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ.