
(ෂේන් සෙනෙවිරත්න)
හතරලියද්ද ග්‍රාමීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද එම රෝහලේ ඊට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරමින් අතිකාල දීමනා පවා ලබා ගන්නා බව වාර්තා වේ.
එම රෝහලට අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද ප්‍රධාන හෙද සොයුරිය ද ඇතුළුව හෙදකාර්ය මණ්ඩලයේ 10 දෙනකු සිටින බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කොට තිබේ.
තෙල්දෙණිය රෝහලේ සිට මෙම රෝහලට මාරුවීමක් ලබා පැමිණි හෙද නිලධාරිනියක පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය දැනුවත් නොකර විදේශගත වී මාස තුනක් යන තුරු වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.
මෙම රෝහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයකු ඇතුළු කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදුකරන බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහල් වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල්වල හෙදියන් කොපමණ සේවය කරනවද කියා කිසිවකු දන්නේද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය දන්නේද? රටේ බදුගෙවන පුරවැසියන් වෙනුවෙන් පෙනිසිටිනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වුර්තිය සමිති කොපමණ තිබේද කියා කිසිවකුට කිව හැකිද...?