
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලංකික තරුණියක මියයාම සම්බන්ධයෙන් එරට ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් ප්‍රතික්ෂේප කර ඇති බව එරට එන්.එච්.කේ රූපවාහිනි සේවය වාර්තා කර ඇත.
මියගොස් සිටිය විශ්මා සඳමාලි නමැති තරුණියකි
විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් පසුගිය සිකුරුදා සිදු කළ නව විමර්ශනයකින් පසුව නිලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව එන්.එච්.කේ රූපවාහිනි සේවය පෙන්වා දී තිබේ.
වීසා අවසන් වීමෙන් පසුවත් ජපානයේ රැඳී සිටීම නිසා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2021 වසරේ මාර්තු මාසයේදී ඇය මිය ගිය බව එම රූපවාහිනී සේවය වාර්තා කර ඇත.
සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ජපාන ආගමන විගමන නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු කරනු ලැබිය.
2022 වසරේ ජූනි මස නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් එම පැමිණිල්ලේ විමර්ශන කටයුතු අවසන් කරමින් එම නිලධාරීන් 13 දෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පදනමක් නොමැති බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ. එයාලා හිතන්න ඇත්තේ එහෙම චෝදනා කළොත් ජපානේ පදිංචි වෙන්න කට්ටියටම වීසා දෙයි කියලා. මදැයි කොලා. ජපන්නු තම්බන්න ඒ ලුණු, ගොරකා මදි වුණා එහෙනම්...!
හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් තියෙනවද? අපේ රටින් ණය ඉල්ලන් ආපු වෙලාවක බලපෑම් කළාම අපේ රනිල් තුමාලා සඳමාලිගේ පවුලම අල්ලලා හිරේ දමන්නත් බැරි නැහැ.. අර සේපාල ඒකනායකට වුණේ ඒකමනේ...
මොන වරද කළත් ජපානය ඔවුන්ගේ ජාතියට නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන රටක්, ලෝකයේ අංක එකේ වර්ග වාදීන්...
වැරැද්ද කරලා තව නඩු දාන්න යනවා. ගිය අය ටිකත් හිරේට දාන්න තිබුණා. වීසා ඉවර වුණා නම් ගෙදර යන්න තිබුණා හොරෙන් පැනලා...
බාබර් ලව්වා කොන්ඩෙත් කපාගෙන ආපහු සල්ලිත් ඉල්ලනවා වගේ වැඩක් කරන්ට ගියේ... රටක නීති කඩකරලා හොරෙන් පැනලා ඉඳලා කෙළවුණාට පස්සේ ආයෙ ඒ රටටම විරුද්ධව නඩුත් දාලා. මෙහෙ හොරෙන් ඉන්න අනික් අයටත් පාඩමක්..