
(අමදෝරැ අමරජීව )
නිලාවේලි බොරළුකන්ද රජමහා විහාරයේ ඉදි කිරීම් වලට එරෙහිව අද (01) ඉලුප්පුකුලම්හි පැවැත්විමට සුදානම්වු විරොධතාවයක් වාරණයට ලක් කරමින් ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් එම්.ආර්.අන්පාර් මහතා වග උත්තරකරුවන් අට දෙනෙකුට නියෝගයක් නිකුත් කලේය.
නිලාවේලි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වාර්තාව සලකා බැලිමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කෙරිණි.
මේ අනුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රාසමානික්‍යන් චානක්‍යන් ,ගෝවින්දන් කරැණාකරන් දෙමල ජාතික සංධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක සම්මුගන් කුගදාසන් ,දෙමල ජාතික ජනතා පෙරමුණේ තරැණ බලකායේ නායක ක්‍රිෂ්ණපිල්ලේ ශ්‍රි ප්‍රසාද් ,දෙමල සභාව නැමැති මූල ධර්මවාදි සිවිල් සංවිධානයේ සභාපති ආර්.ජෙරොම් මාස්ටර්,එම සංවිධානයේ ලේකම් රමේෂ් නිකලස් ,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොන්නයියා වෛද්‍යලිංගම්,ඉලුප්පුකුලම් පදිංචි නාගරත්නම් තිලකේෂ්වරන් යන අයට මෙම වාරණය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආපු ගමන්ම තමයි කොටි වලිගේ උස්සගෙන දඟලන්න ගත්තේ...!
ජාතිවාදය අවුස්සලා එයාලත් ඡන්දය ගන්න හදන්නේ... ඒකෙන් මෙයාලාටත් වාසියි ඉතිං... ශ්‍රී ලාංකික ජනතාව තමයි අමාරුවේ වැටෙන්නේ...!