
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.
මහියංගනය පෙරහරට සහභාගී විමෙන් පසුව ඇත්ගොව්වා ඇතින්න මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයෙ ්ස්ථානය දැම්වැල් දමා ගසක බැඳ සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබිණි.
දැනට මෙම ඇතින්නට ඇවිද ගැනීමට නොහැකි නිසා ඒ ආසන්නයේ තබා ප්‍රතිකාර කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආණ්ඩුව ඔය නිලධාරියා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණය කරපු දවසේ ඉඳන් සිදුවූ දේ සොයනවා. වැරැදි වලට පිළියම් කරනවා. දියුණු රටවල එහෙම නැහැ...!
අනේ කවුද මේ අපරාධය කරපු අය?
ඇතින්නට බෙහෙත් කරලා ඉවරත් නෑ... වෙඩිතියපු එකා ඇපත් අරන්...
මේ වෙඩි තැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මියගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විඳින බොහෝමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතුකරයි. ගිනි අවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක්ම නොවන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළියි. එසේනම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිළධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරයද? වනජීවී නිළධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නො තබනවා යැයි කීමට, සිතීමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇති වීම පිළිබඳ වරද කාගේද?
මේ වෙඩිතැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මිය ගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විඳින බොහෝමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතු කරයි. ගිනි අවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක් ම නොවන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළිය. එසේනම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිලධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරය ද? වනජීවී නිළධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නො තබනවායැයි කීමට, සිතිමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇති වීම පිළිබඳ වරද කාගේද?
රබර් උන්ඩ වලින් වෙඩි තියල කියල පොලිස් මාද්‍ය ප්‍රකාසක ප්‍රකාශයක් කලදෙන් ඉතින්
මේ වෙඩිතැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මියගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විදින බොහොමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතු කරයි. ගිනිඅවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක්ම නො වන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළියි. එසේ නම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිළධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරයද? වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නොතබනවායැයි කීමට, සිතිමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇතිවීම පිළිබඳ වරද කාගේද?