(සුමිත් පොතුපිටිය )
වල්ලා පට්ටා කිලෝ 45 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටී විශ්‍රාමික බැංකු නිළධාරීයෙකු අද(10) අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැව්රිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනිත කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට හැරෙන හන්දියේ දී මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සගවා තිබූ වල්ලාපට්ට දැව කොටස් කිලෝ 45 ක් සොයාගෙන මෝටර් රථයද භාරයට ගත්බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල්ලාපට්ට වවන්ට හොඳ නම්..., ප්‍රවාහනය කිරීම වැරැදියිද?
දැන් වල්ලපට්ට කෑලි ටික දිරනකල් උසාවි ගබඩාවේ තියෙනවද?
අනේ පව්! විශ්‍රාම නම් ඒ මහත්තයාට වි/වැටුපක් බැංකුවෙන් ගෙවන්නේ නැතුවද? අහිංසකයින්ට හැම එකාම කටු ගහන්නමයි බලන්නේ...!