
(විමල් කීර්ති)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට පුද්ගලයා සම්බන්ධයෙන් වාහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වත්තල හැඳල පදිංචි ඒ.පී.සුදාගර් ඉන්ද්‍රජිත් නමැත්තෙකි.
සැකකරු කලක් ජපානයේ රැකියාව කර පසුව විවාහයක් කරගැනීම සඳහා ලංකාවට පැමිණි අයකු බවත් පසුව ජපානයට යළි යන බව බිරියට පවසා ඊයේ (30) වැනිදා නිවෙසින් පිටව ගොස් ඇතැයි මෙතෙක් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරුට ජපානයට යාම සඳහා කිසිදු ලේඛනයක් ඔහු අත නොතිබූ බව ද අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්තොටුපොළට "රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී" අත්අඩංගුවට ගත පුද්ගලයා පිළිබද සොයාගැනීමට cctv දර්ශන මගින් සොයා ගත හැකිවනු ඇත. සහ එයට සහයෝගය දුන් පුද්ගලයින්ද සොයාගත හැකිවනු ඇත. ගුවන්යානයේ අසුන්ගෙන සිටි පුද්ගලයා මෙන්ම එම පුද්ගලයා ගුවන් තොටුපලට ඇතුළුවීමේ සිට ගුවන් යානයට ඇතුළු වීම දක්වා සිටි පුද්ගලයින්ද වගකිව යුතුවේ...
ලේඛන තියෙන්න ඇති. ඔලුව මාරුකරලා නිසා පෙන්නන්න නැතිව ඇති... සීසීටීවී වලින් බලලා එදා නිවාඩු ගිහින් තියෙද්දිත් ආගමන විගමන පැත්තේ කැරකුණු ආගමන විගමන නිලධාරීන් කවුද කියලා බැලුවා නම් හරියට අහගන්න තිබුණා.
කටුනායක ගුවන්තොටුපලේ බොහෝ තැන්වල සීසීටීවී පද්ධති තිබෙනවාද දන්නේ නෑ. අවුරුදු ගාණකට කලින් ඒවා සවි කරන්න ගියාම අපේ අගනා ආගමන විගමන නිලධාරී සංගමය විරුද්ධවෙලා ස්ට්‍රයික් කරන්න ගියා... ඒවා එයාලගේ වැඩට බාධාවක් කියලා. ඒ නිසා ඒ වැඩේ නවත්වන්න වුණා. ඒ නිසා තමයි අදත් කට්ටිය නිදහසේ ඔය සෙල්ලම් ගෙනියන්නේ.
සල්ලි දෙනවා නම් අපේ එයාර්පෝර්ට් එකෙන් හඳට වුණත් යන්න පුළුවන්...!
සිත නිවන කතාවක් .මෙතන අලගිය තැන් මුල gගිය තැන් එකක් නැර හරිම ලේසි යෙන් හොයාගන්න පුලුවන් .නත්නම් අපිටත් බස් එකෙන් පිටකොටුවේ යනවගෙ වැඩක් ?
වේලාසනම ගිහින් ශීට් එකක් අල්ලාගෙන වගේ.අපිත් චූටි කාලේ ඔහොම වැඩ කළා.වන්දනා යන බස් එකට වේලාසනම නැගලා ජනේලය ළඟ ශීට් එකක් අල්ලා ගත්තා .හ හා
මේ මොන විහිළුවක්ද. බසෙකකටවත් නගින්න බැහැනේ මේ කොන්දට හොරෙන්. දැන් ඒ තරමට ආරක්ෂාව බුරුල් කරලා ගුවනතොටේ. හෙට අනිද්දා කියයි ගුවන්යනයක් අස්ථාන ගතවෙලා කියලා. මේ යන විදියට ඕවත් උස්සන්න බැරි කමක් නෑ. අපේ ඇමතිතුමා හැබැයි ඕවා හොඳට හොයලා බලනවා. මූ කොහොම රින්ගුවද මන්දා.ගෙදර හාමිනේටත් කියලා ඇවිත් තියෙන්නේ ස්ථිර වශයෙන්ම යන්න පුළුවන් බව දැනගෙනයි.
ගුවන් තොටුපොලේ කාර්ය මන්ඩලයෙ කිසිවෙකුගෙ සහයක් නොමෙතිව ඔහුට එවනි දෙයක් කල නොහැකිය.
කීදෙනෙක් පහුකරගෙන යන්න ඔනඩ .හරිනම් එැඩ වඩකරපු සියලු දෙනාටම වග කියන්න ඔන . ඔය වැඩ වලට ස්ට්‍රියිත් කරන අරගල කරන අය සම්බන්ඩ අති .එයලට මෙ රට වෙන අයට දෙන්න ඔන .රටට අාදරෙ නෑ .
ෆලයිට් එක ඇතුලට යන්න තරම් දුරක් ගිය එක ගැන ඔය සේවක මණ්ඩලය ලජ්ජා විය උතුයි.
ඉතාලියටද මෙවැනි අද්භූත පුද්ගලයන් එයාර්ලංකා කාලයේ සිටම පැමිනියා. එයාර්ලංකා ස්ටුවර්ඩ් කෙනෙක් ලෙස වැඩ කල සහෝදර සහෝදරියන් සියල්ලම මිලානෝ සහ ස්විස් සිටින මීගමු හාදයෙක් ඒදවස්වල මේ වැඩේ ටක්කෙටම කරා.
මොහු යානයට නගිනතුරු භාවිතා කල පාස්පෝට් එක තිබෙන්නේ යානයේම සිටින වෙනත් මගියෙක් ළගයි. ඔහු එය නැවත ලංකාවට යවනවා. මට මගේ නොවන මගේම පාස්පෝට් එකක් තිබුනා……
මෙතන මෙහෙමනං රටේ අනිත් ස්තානගැන කවර කතාද. කට්‍ටිය වැඩී කියලා ආරක්ශක අංශවල සාමාජික සංක්‍යාව අඩුකරන්නයි තව කතාව. ඇයි මෙයා රාජ්‍ය ආරක්ෂාව ගැන මෙච්චරටම නොසැලකිලිමත්???
එච්චර දෙයක් අදාල බලධාරීන්ට හසුනොවී කළා කියන්නේ..., ගුවන්තොටුපළට ත්‍රස්තවාදීන් බෝම්බ ගහපු එක පුදුමයක් නෙමෙයි...
පිටිගල මිලනෝගේ අදහස මමත් අනුමත කරනවා. සමහරු මෙම ක්‍රමයට යුරෝපෙට බැස්සා, මේක කරන්න ශ්‍රී ලන්කන් චෙකින් කවුන්ටරෙන් සහ bordin ගේට් එකෙනුත් සහයෝගයක් අවශ්‍ය වෙනවා... මේ වැඩේට ශ්‍රී ලන්කන් නිලධාරීන් දෙදෙනෙකුගේ හෝ වැඩි ගණනක සහයෝගය අවශ්‍ය වෙනවා.. CCTV සහ අනෙකුත් දත්ත පරික්ෂා කළානම් මේ හොරකම අනිවාර්යයෙන්ම අල්ලා ගන්න පුළුවන්... නමුත් මම හිතන්නේ නැහැ එහෙම සිදුවේවි කියලා. ඕක ඇතුලේ රේගු, ආගමන විගමන, ශ්‍රී ලංකන් වල ඉන්න නිලධාරීන්ගෙන් 95% හොරු ඔක්කොම යාලුවෝ..., දැනටමත් දත්ත මකලා ඇති..., කරුණාකර ලංකාවේ ගුවන්තොටුපලේදී ඔබගේ වටිනා රත්‍රන්, මුදල් වැනි වටිනා බඩු සහ ලියකියැවිලි (පිටරට වීසා අඩංගු ගුවන් ගමන් බලපත්) වැනි දේවල් පරිස්සම් කරගන්න... ගුවන්තොටුපලේදී කලබල වෙන්න එපා සිහිකල්පනාවෙන් වැඩ කරන්න. මේක ඇතුලේ ඉන්නේ හොරු... අනවශ්‍ය පෝලිම් වැනි දේවල් නිර්මාණයකර මිනිස්සුන්ගේ මනස අවුල්කර පික්පොකට් ගැසීම සූක්ෂම ලෙස කරනවා...
මෙවැනි දෙයක් බොහෝ විට කළහැක්කේ ඇතුලේ කෙනෙකුගේ උපකාරයෙන් පමණයි. දුෂිත නිලධාරීන් සිටින රටක, මෙවැනි දෙයක් සිදුවීම එතරම් පුදුමයට කරුණක් නොවේ...
තවත් එක නාට්‍යයක ආරම්භයක්...
කටුනායක ගුවන් තොටුපල හොර ගුහාවක්..., රටේ නායකයා බැංකු හොරෙක්...
ගුවන් තොටුපළේ අපි යනකොට නම් හැම රෙද්දම බලලා බෙල්ට් ගලවලා පසුම්බි ස්කෑන් කරලා පැය ගණන් රස්තියාදු කරලා බෝඩින් කරන්නේ ඔය වගේ යන්න පුළුවන් නම් සැප්තැම්බර් ප්‍රහාරය වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන් නේ... ඔය මනුස්සයා හොරාට යන්න ආවා වෙන්න ඇති නමුත් මේක මොන තරම් භයානකද? එදා වැඩකරපු සියලු දෙනාගේ සේවය අත්හිටුවන්න ඕනේ.