(අංජුල මහික වීරරත්න)
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම සතිය ඇතුලදී ප්‍රතිලාභීන් 500 දෙනකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.
ලෝක ජනාවාස දිනය හෙට (2) යෙදෙන අතර ඒ නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී හෙට (02) දින පෙරවරු 9.00 ට පැවැත්වේ.
1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳුදා ලෝක ජනාවාස දිනය (World Habitat Day) ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.
1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකා රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම සිය වාර්ෂික සැසිවාරයේ දී වාර්ෂිකව ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
සෑම වර්ෂයකම විශේෂිත වූ තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සමරන අතර මෙවර තේමාව වනුයේ “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ අය එකතුවෙලා හොරාකාලා දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ? දූෂිත දේශපාලුවන් දැනටමත් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි.
බඩ තඩි, ගඳගහන, කොරගහන, කප්පම් බාප්පා !!!
මදි !!!