(යොහාන් භාසුර)
රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් පළාත් තුනක පවුල් 1,275 කට අයත් පුද්ගලයන් 5,051 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (1) පැවසීය.
රත්නපුර දිස්ත්‍රිකක්යේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 199 ක පුද්ගලයන් 770 ක්, කළුතර දිස්ත්‍රිකක්යේ ලේකම් කොට්ඨාස 12 ක පවුල් 272 ක පුද්ගලයන් 1,034 ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක පවුල් 1,275 ක පුද්ගලයන් 3,247 ක් මෙසේ ආපදාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය කීය.
දැඩි වර්ෂාව, ගංවතුර, ගස් කඩාවැටීම සහ ගස් කැපීම ආදි සිද්ධීන්වලින් එම පුද්ගලයන් ආපදාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd