(විමුක්ති එස් රුද්‍රිගු)
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.
විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බ්‍රහස්ත්පතින්දා අන්තර්ජාලයේ සංසරණය වූ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එහිදී මරණ තර්ජන සහ වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීම හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ විනිසුරුවරයා සඳහන් කර තිබූ බව එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පසුගිය මාසයේ 21 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඔහුගේ කාර්යාලයට තමා කැඳවා කුරුන්තූර්මලෙයි නඩුව සම්බන්ධයෙන් ලබා දී ඇති නියෝගය වෙනස් කරන ලෙස බලපෑම් කළ බව ටී.සරවනරාජා මහතා චෝදනා කර සිටි බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එසේම මහජන ආරක්ෂාව සම්බන්ධව හිටපු අමාත්‍යවරයකුගෙන් මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වූවේ යැයිද ටී.සරවනරාජා මහතා සඳහන් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ඔහුට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව අඩු කිරීමට නිලධාරීන් කටයුතු කළ බවත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණයට ලක් කර බවත් ටී.සරවනරාජා මහතා වැඩි දුරටත් චෝදනා කළ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන විදිහට එයත් අර පුල්ලි තියෙන කෙනෙක්...!
දැන් අපේ දේශපාලුවන්ට සහ ඔවුන්ගේ වටේ ඉන්න අයට හරි සනීප ඇති. කොහොමද ඉතින් මිනිසුන්ට සාධාරණය කියන එක ඉතුරු වෙන්නේ...? මේ රට කරවන අයට ලැජ්ජාව කියලා බින්දුවක් වත් නෑනේ... හැබැයි ඕනෑ දේකට කොමිෂන් පත් කරනවා. ඒ තමයි කරන ලොකුම වැඩේ...!
ලෝකය පුරා හිඟමනේ ගිහින් ඉල්ලන්කන රට ආයෙත් ඉල්ලන් කාලා. නොදෝමකින් විතරක්... මේ අසික්කිත, නරි දේශපාලකයින්...
මහත්තයෝ මේක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පණ බේරගෙන මෙහෙන් යන්න. පුළුවන් නම් අහිංසක අපිවත් ගන්න. මේ රට ඕනෙම නැහැ. අපිට මේ රට අපේ නෙවෙයි, ඔවුන් කිව්වට මේක අපේ රට අපි රැකගන්න ඕනෙ කියලා. ඒ බොරු. මේක ඔවුන්ගේ රට... අපිට මේකෙ ඉඩක් නැහැ.
නඩුකාරයත් කැනඩාවට හරි, ඕස්ට්‍රේලියාවට හරි, නවසීලන්තයට හරි, ස්විට්සර්ලන්තයට හරි ... එහෙමත් නැතිනම් නෝර්වේ හරි යන්න වගේ... එහෙ කළින් ගිය නෑයෝ ඇති... දැන් ඉතින් ඔබතුමා බය නැතිව ඒ රටට හොඳ වෙන්න. තවත් අපේ රටට මඩ ගහන්නේ නැතිව..