පියවි සිහියත්,බලපත්රත් නැතිව හැටට හැටේ ගිය බසය අල්ලයි වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අධික බීමතින්, වේග සීමා ඉක්මවමින්, මගීන් 82කක් පටවාගෙන බසයක් ධාවනය කළ පුද්ගලයෙක් කෑගල්ල කොට්ඨාස රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2023
ලොතරැයි මිල ඩබල් වෙයි? ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ලංකාදීපයට පැවසීය. 11 June 2023
දුම්රිය අනිවාර්යෙන්ම අධිකාරියක් කළ යුතුයි දුම්රිය තව දුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත් දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළයුතු බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 June 2023
කොරියා සිහිනය බොඳ කළ අයෙක් මාට්ටු දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර 275 ක් එකතුකොට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2023
මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ල කාලා අවිස්සාවේල්ල ගැටහැත්ත මාරඹේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද අළුයම ඇතුලු වූ පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි පෙන්වා බියකර නිවැසියන් කාමරයකට දමා නිවසේ තිබූ මිල අධික ජංගම දුරකතන කිහිපයක් කොල්ල කා පලා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 11 June 2023
එජාප ව්‍යවස්ථාව අලුත් කරයි රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 June 2023
විදුලි ගාස්තු අඩු වෙන හැටි ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 11 June 2023
සරසවිවලට වටිනාකමක් දෙනවා අතීතයේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර මට්ටමින් තිබූ කීර්ති නාමය සහ ප්‍රමිතිය නැවත ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 June 2023
සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක් ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. 11 June 2023
පාසල් සිසුන් තිදෙනාගෙන් බසයට ගල් ප්‍රහාරයක් අනුරාධපුර නගරයේ පිහිටි පල්ලියක් ඉදිරිපිට නවතා තිබු පුද්ගලික බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර එම බස් රථයට අලාභ හානි සිදුකළ බව කියන පාසන් වයසේ දරුවන් තිදෙනකු අද අළුයම අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 11 June 2023
හමුදා සෙබළා වැරදි ඩියුටියක් කරලා තණමල්විල , හම්බෙගමුව, ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 08, ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 11 June 2023
රැඳවුම් නිවසින් දැරියෝ තුනක් පැන යති මඩාටුගම නගරය ආසන්නයේ පවත්වා ගෙන යන රැදවුම් මධ්‍යස්ථානයක සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකු එම රැදවුම් මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇතැයි මඩාටුගම පොලිසිය කියයි. 11 June 2023
අද වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 June 2023
සාපෙළ දරුවන්ගේ කැත වැඩේට මව්පියෝ වන්දි ගෙවති මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි, 11 June 2023
කෝන්තරයක් පිරිමහන්න 69 සීයා මරලා පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි . 11 June 2023
පොලිසියෙන් බේරි පනින්න යද්දී වෙඩි ගාල්ල කරාපිටිය රෝහල අසල රැඳී සිටි දෙදෙනකු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 11 June 2023
අනතුරින් පසු බණ්ඩාරගම උණුසුම් බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව යතුරු පැදිකරු මෝටර් රථ රියදුරුට අමානුෂික ලෙස පහර දීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි. 10 June 2023
කෝටි අටක රොබෝලා මලකඩ කාලා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 10 June 2023
සබජ නාගරික මන්ත්‍රිනිය රිමාන්ඩ් ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි 17 ලක්ෂයක මුදලක් වංචා කළැයි කියන අත්අඩංගුවට ගත් කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය මස 23 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය. 10 June 2023
සාපෙළ අවසානයේ චාරිකාව මළගමක් වේ අ.පො.ස විභාගයට පෙනි සිටිමෙන් පසු සංචාරයක් සඳහා පැමිණ හබරාදුව තල්පෙ කහවැන්නගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුවකු අද සවස දියේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 10 June 2023
පොදු පෙරමුණේ පිරිසක් ජනපතිට දුක කියලා ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දා ප්‍රකාශ කර ඇත. 10 June 2023
මහ කන්නයේදී යූරියා මිටිය පන්දහසකට දෙයි මෙම මහ කන්නයේදී යුරියා පොහොර මිටිය රුපියල් 5000කට වඩා අඩුවෙන් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10)පැවසීය. 10 June 2023
බීඩි කොල පන්නන්න බැරි වේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ ඉන්දීය බීඩි කළ තොගයක්, කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී 10 දින අලුයම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී,පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 10 June 2023
කොරියාවේ නැව් හදන්න ගංගාරාමයෙන් පුහුණුව කොරියාවේ නැව් හදන කම්හල් වලට ශ්‍රමිකයන් පුහුණු කරන මධ්‍යස්ථානයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනයේ පිහිටුවීම සඳහා කොරියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. 10 June 2023
කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල් කසිප්පු වැටලීමට ගිය පොලිස් ජිප් රථයට ගල් ප්‍රහාරයක් ඒල්ල කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 June 2023
’’ජනපති ඡන්දෙට වුණත් අපි සූදානම්’’ ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 10 June 2023
බස් අනතුරින් සිසුවෙක් මරුට:10ක් රෝහලට අනතුරෙන් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ලිපිනයේ පදිංචිව සිටී බී.එච්.ටී. දිල්ශාන් නමැති 16 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය. 10 June 2023
කෝටි හයක කුඩු සමග තරුණයෝ දෙකක් මාට්ටු කොස්ගොඩ අද (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. 10 June 2023
ජනපති ඉවුම් පිහුම් වැඩ බලන්න යයි මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 June 2023
ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 10 June 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026