(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වූ මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනැමීය.
මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස තම සුබපැතුම් පළ කළේය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලයේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා බයවෙන්න ඇති දිනපු ගමන්ම ණය ඉල්ලන්න හදනවා කියලා...?
පින් ජනපති වුණාට, රඟනවා ලෝකෙටම...!
ණයක් එහෙම ඉල්ලා නෙවෙයිනෙ ? මොකද් රොත්තක් එක තවත් රට සවාරියක් එහෙම දාගෙන නම් ඒකටත් සල්ලි ඕන නෙව.
යාලු කරන් තියාගන්න එක හොඳයි. අපේ සර්ටත් හදිස්සියට හිටිය මිතුරා මාලදිවයිනයි.
පිo ජනපති මාලදිවයිනේ නව ජනාධිපතිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබපැතුම් පළ කළේය
තව කිව්වලු ලෝක බැංකුවට හරි IMF එකට කතා කරල ආර්තිකය හදන්න කියල. එයාල සුරංගනා කතා කිය කියා විදේශ සංචාර කරන්න කියල.
ජනාධිපති තනතුර දිනාගන්න නවීනතම ක්‍රම හා විධි ගැන කියලා දෙන්න වෙන්න ඇති කතාකරන්න ඇත්තේ...
මම යන්නේ මේ රට කාලාමයි, වෙන කිසිම කෙනෙකුට කන්න තියන්නේ නැහැ. මට කීයක් හරි දෙන්න. මගේ පවුලටයි ළමයින්ටයි කන්න ඇඳලා ඉන්න මේ ටිකේ...
රනිල් ඔබත් ඒ වගේ ජනතාවගෙන් එන්න උත්සාහ කරන්න. ඔයා දැන් එන්නේ ජනමතයෙන් නෙවෙයිනේ...!