
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පැන ගොස් ඇතැයි මුරුන්කන් පොලිසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුන්කන් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මෙවැන්නක් සිදු කර පලා ගිය බව මන්නාරමේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ, වෘර්තිය සමිති කාරයො ටික එන්න බලන්න.