
(නිමල් ජයරත්න)
දානමානවලට එකතු වන පිරිකර, අටපිරිකර, මෙන්ම සෙසු පිරිකර, අලෙවි කර ලබාගත් මුදලින් ලෝක ලමා, වැඩිහිටි දිනය දා වැලිකන්ද අලුත්වැව ගම්මානයේ දරුවන් විහාරස්ථානට ගෙන්වා දරුවන් සියලු දෙනාට ත්‍යාග ලබාදී පෝෂදායි ආහාර වේලක් ලබාදීමට වැලිකන්ද අලුත්වැව ශ්‍රී සීලාලංකාර මහා විහාරයේ විහාරාධිපති පිටිපන කවීශ්වර නාහිමියෝ කටයුතු කළහ.
මෙම වැඩිසටහනට දරුවන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර පැමිණි සියලු දෙනාටම තෑගිබෝග මෙන්ම පෝෂදායී ආහාර ලබාදීමට පිටිපන කවිශ්වර නාහිමියෝ අමතක නොකළහ.
ඉතා දුෂ්කර දිවි පෙවතක් ගත කරන අලුත්වැව ගම්මානය වන අලි ගැටලුවලට මුහුණ දෙන ගම්මානයක් මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් විශාල පිරිසක් ජීවත්වන ගම්මානයකි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ලෝක ළමා දිනයදා ළමයින් සතුටු කර, ඔවුන්ට හරි හැටි පෝෂදායි ආහාර වේලක් ලබාදීමටත් පැමිණි සියලු දෙනා හට තෑගි ලබා දීමටත් තමන්ට ලැබී තිබූ සියලු පිරිකර, අටපිරිකර, සෙසු පිරිකර, ලබාදෙමින් මෙම කටයුත්තට යොදාගත් බව පිටිපන කවීශ්වර හිමියන් අප සමග සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උතුම් ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය සොයාදෙන්න.
ඔබ වහන්සේ වැනි ගරුතර සුවාමින් වහන්සේලා අද අපේ දිවයිනේ දකින්නට ලැබෙන්නේ ඉතා අතලොස්සක් පමණයි . සම්මා සම්බුදුසරණින් ඔබවහන්සේ දිගුකාලයක් වෙසේවා. අවසානයේ නිවන්දකිතවා කියා ම පතමි .
මේ වගේ බුද්ධ පුත්‍රයෙක් වැඩවාසය කරන්නේ මුළු රටටම මුන් වහන්සේ පමණයි මගෙ හිතේ....!
ඒකට මොකද මහනුවරට ලැබෙන අටපිරිකර, තෑගිබෝග නම් එහෙ ඉන්න බත්ගුල්ලෝ හොඳටම පාවිච්චි කරගෙන සුරසැප විඳිනවා. ලැජ්ජයි. ස්වාමීන් වහන්සේගේ සද්ක්‍රියාව ලෝකයටම ආදර්ශයක් වේවා..!
සාදු...! සාදු...! සාදු...!
සංඝ සතු දේවල් ගිහි අයට දීම අකුසල් සිදුවෙන ක්‍රියාවක් දෙගොල්ලටම. ඒ ගැන නොදන්නා අය dislike දාන්න බලන්න.
නියම බුද්ධ පුත්‍රයෙක් .මුදල් ,ගෙවල් ,වාහන රැස් කර කර යන චීවරධාරීන්ට ආදර්ශයක්
මිනිස්සු බොහෝම අමාරුවෙන් වෙහෙසිලා හොයන ධනයෙන් ශ්‍රද්ධාවෙන් යමක් සංඝරත්නයට පූජා කරන්නේ ගිහියන් පෝෂණය කරන්න නම් නෙමෙයි. මේ දරුවන් දුක් විඳිනවා ඇති. නමුත් මෙයින් වෙන්නේ තවත් දුක් විඳීමට සැලැස්වීමයි සංසාරේ. දෙමව්පියන්ට හැර වෙන ගිහි කෙනෙකුට සංඝ සතු දෙයක් දීම අකුසලයකි. පෙර මිනිස්සු පන්සල් වත්තෙන් එළියට යන්නේ කකුල් දෙකත් පිහලා දාලා වැලිටිකක්වත් ගෙනියන්නේ නෑ කියලා...