
(යොහාන් භාසුර)
සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 4 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 3 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් 62 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිවිසුම ගහල ඇත්තේ සිනොපෙක් වලට වඩා සිපෙට්කෝ මිල හැමදාම වැඩියෙන් තියෙන්නම ඕන කියලා වෙන්න ඇති ඉතින් චීන්නු වැඩිකරන වාරයක් පාසා සිපෙට්කෝ වැඩිකරාවි ඉන්දියන් කාරයොත් ඊට දෙවැනි නැහැ ඊළඟට එන එවුන් ගැන හිතනකොට රටට දෙයියන්ගේම පිහිටයි
දැන්නම් ඉතින් ලංකාව ආරක්ෂිත පැත්තකට හැරවීමට කිසියම් උපකරණයක සහාය ගන්නම වෙනවා. නැත්නම් ඉතින් මොකකින් මොකක් වෙයිද කියන්න බැහැ... කාංචනා කියන විදියට ජනවාරියේ දිනපතා සමාලෝචනය කළොත් කොහොමට හිටීවිද? ඊළඟ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් වත්මන් ඇමැතිවරයා ගැන කුමන තීරණයක් ගනීද බලමු...!
IMF සරණ යන ආණ්ඩුවට වෙන විකල්ප නැහැ. නමුත් ජනතාවට විකල්ප තියෙනවා. ඒකට සූදානම් නොවුණෝතින් ජීවත්වීම ප්‍රශ්නයක් වෙයි. රට හැර යාමට විරුද්ධ අයට ඇති විකල්ප කියනවාද?
පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරලා ,චන්දයක් ලං වෙනකොට එක පාරටම අඩුකරනවා .කොහොමද ටිකිරි මොලේ