
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසැලේ අබලන්ව අලුත්වැඩියා කිරීමට නිර්දේශ කර ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ පිහිටිරසායන විද්‍යාව උගන්වන කාමරයේවිශාල ප්‍රමාණයේ බදාම කොටසක් අද ( 2)උදෑසන කඩා වැටුණු අතර එයින් සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙනි.
මෙම සිමෙන්ති බදාම කොටස හිටිහැටියේ කඩා වැටෙන අවස්ථාවේරසායන විද්‍යා ගුරුවරයා විසින් සිසු සිසුවියන් දස දෙනෙකු ට පමණ උගන්වමින් සිටියේ යැයිවිදුහල්පති මොරිස් අත්තනායක මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී පැවසීය.
මීට අමතරව තවත් ගුරුවරු දෙදෙනෙක් දමෙහි සිට ඇතැයි විදුහල්පතිවරයා පවසයි.
වාසනාවකට මෙන් මේ කිසිවකුටත් ජීවිත හානියක් සිදු නොවූ බවත් තවදුරටත් මෙහි ඉගැන්වීමේ කටයුතු සිදුකරගෙන යෑම ඉතා අනතුරුදායක කටයුත්තක් බවත්විදුහල්පති අත්තනායක මහතා පෙන්වා දුන්නේය. රසායන විද්‍යාගාරය පිහිටා ඇත්තේ ද මෙම පන්ති කාමරයේ ය.
ප්‍රධාන ගොඩනැගිල්ල මේ වන විට කඩා වැටීමේ කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇතිබවත් මෙය කඩමින්අලුත්වැඩියා කර දෙන ලෙසත් සඳහන් කරමින් විදුහල්පති මොරිස් අත්තනායක මහතා ජාතික පාසල් අධ්‍යක්ෂවරයා වෙත 2022 වසරේ නොවැම්බර් මස 29 වෙනිදා ලිපියක් යවා ඇත්තේ අදාළ ඡායාරූප ද එම ලිපියට අමුනාය.
කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබෙන මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේ විදුහල්පති කාර්යාලය , පරිපාලන කාර්යාලය ,ගුරු විවේකාගාර විද්‍යාගාර සහ පංති කාමර ද පිහිටා තිබෙන බව විදුහල්පතිවරයා විසින් ජාතික පාසල් අධ්‍යක්ෂක වරයාට යවා ඇති එම ලිපිය මගින් පෙන්වා දී තිබිණි.
මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේ පිවිසුමේ සිමෙන්ති බදාමවිශාල කොටසක්2022වසරේ නොවැම්බර් මස 28 වැනි දා කඩා වැටුණු අතරමේ අවස්ථාවේ ද කිසිවෙකුට ජීවිත අනතුරක් සිදු නොවූයේ ඒ අවට කිසිවකු ගැවසුනේ නොමැති නිසාය.
ප්‍රධාන ගොඩනැගිල්ලේබිත්ති පුපුරා ගොස් ඇති බවත් ප්‍රධාන ගොඩනැගිල්ලේ පසුපස ඇති බිත්තිය ද පුපුරා ගොස් එය කොයි මොහොතක හෝ වේදිකාව මතට කඩා වැටීමේ අවදානමක් ද මතුවී ඇති අයුරුදක්නට තිබෙන බව විද්‍යාලයේ ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ජේ. ඩබ්ලිව් ජයවර්ධන මහතාලංකාදීපයට පැවැසීය.
අබලන්ව පවතින මෙම ගොඩනැගිල්ල කඩිනමින් පිළිසකර කර දෙන ලෙසත් යම් හෙයකහෙයකින් මේවා කඩා වැටී ජීවිත අනතුරක් සිදු වුවහොත් එහි වගකීම අධ්‍යාපන බලධාරීන් විසින් භාරගත යුතු බවත් ජේෂ්ඨ ආදි සංගමයේ ප්‍රධාන ලේකම් ජයවර්ධන මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත පාසලක බිත්තියක කොටසක් කඩා වැටිලා
Hafeel Monday, 02 October 2023 05:13 PM
අළුත් ජනාධිපති ලේකම් කාර්යාලයක් ඉදි කරනවාද? ජිනීවා සමුළුවට ජනාධිපති සමග රංචු පිටින් යනවාද? ජනාධිපතිට තව තවත් අනවශ්‍ය උපදේශලා පත් කරනවාද? අනේ මේවා ඔබලාට පේන්නේ නැද්ද?