(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියමින් ඔක්කම්පිටිය නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මූලික විමර්ශනයක් පවත්වා මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය පරිපාලන කටයුතු භාර පොලිස් අධිකාරීවරයා විසිනි
වැඩ තහනමට ලක්වූ මෙම පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීරයකුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් යයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
ඔක්කම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරඩි මාර්ගයෙන් හම්බ කරන්ට ගිහිල්ල අන්තිමට ජොබ් එකටත් තට්ටු උනා. පවුල් කාරයෙකු නම් පවු එගොල්ලොත් අමාරුවෙ.
ඩයනා ගමගේගෙ ආරක්ෂකයාද කියලා හොයලා බලන්න.