(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල ලබන 4 වැනිදා සංශෝධනය වීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම 5 වැනිදා ගෑස් මිල සංශෝධනය කළ හැකි අතර පසුගිය සැප්තැම්බර් මස 5 වැනිදා කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය මිල රුපියල් 145 කින් ඉහළ දැමීය.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,127 ක, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 ක පවතී.