(වාරණ ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව මල්වත්ත නගරයේ අද (02) උදෑසන වෑන් රථයක් යතුරු පැදියක හැපීමෙන් යතුරු පැදිය පදවා ගෙන පැමිණි හැට පස් හැවිරිදි දෙදරු පියෙකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසියේ රථ වාහන අංශය කියයි.
එසේ මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ නුගේලන්ද පදිංචි සිටි ආර් පී සනී ගුණරත්න (65) නැමැත්තෙකි.
මිය ගොස් ඇති තැනැත්තා වේයන්ගොඩ මල්වත්ත මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට මල්වත්ත දෙසට යතුරු පැදියක් පදවා ගෙන පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දැමීමත් සමග කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක හැපී අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd