(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රටේ ඝාතන රැල්ල මැඩපැවැත්වීමට අපොහොසත්ව ඇතැයි චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට ලබන සතියේ බාරදීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (3)රැස්වීමේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම විශ්වාසභංගය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද සහාය ගන්නා බව ලලිත් එල්ලාවල මහතා ලංකාදීපයට පැවැසීය.
ඝාතන රැල්ල පාලනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයාට තම කණ්ඩායම මාසයක කාලයක් දුන් බවත් එම කාල සීමාව ඉක්මවා ගොස් ඇතත් රටේ අපරාධ රැල්ල එලෙසම පවතින බවත් මන්ත්‍රීවරයා කීවේය.
මේ හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට
ළඟදීම බාරදෙන බව පැවසූ එල්ලාවල මහතා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඕනෑ තරම් කරුණු ඇතැයිද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිරාන්ට එරෙහිව විශ්වාසභංගයක්
කිරිපුතා Monday, 02 October 2023 04:49 PM
ඒක නම් හොඳයි. හැබැයි ඉතින් මෙයා අයින් කළා කියමුකෝ... ඊට පස්සේ ලොක්කා දායි ඊට හපන් කෙනෙක්. කැහිගෑණි දීලා, හොටු ගෑණි ගත්තා වගේ තියෙයි.
Bamunuarachchi Monday, 02 October 2023 05:58 PM
ටිරාන් මහත්තයෝ, කිරිපණුවෝ නොවෙයි හැඩි දැඩි අය පොලිසියට බඳවා ගන්න. බැටන් එක පිස්තෝල පාවිච්චි කරන්න බලය දෙන්න. උසස් නිලධාරීන් ගේ දේශපාලකයින්ගේ අන්තේ වාසිකයෝ නොකර අභිමානයෙන් වැඩකරන්න ඉඩ දෙන්න. මෙහෙ පොලිස් නිලධාරීන් වැඩ කරන්නේ එහෙමයි.
චන්දිම ෆොන්සේකා Monday, 02 October 2023 06:02 PM
අනේ පින් සිද්ධවෙයි, අපේ බදු සල්ලි වියදම් කරලා ප'ලිමේන්තු රැස්කරලා බොරු විවාද කරලා අන්තිමට පොහොට්ටු බයි ඡන්දෙන් පැරැදිලා පුස්ස බින්දාවගේ වෙන වැඩ නම් කරන්න එපා. අපි දැක්කනේ අර කෙහෙල් ගෙඩියට ගෙනාපු විශ්වාස භංගයට වෙච්චි දේ...!
Rata Perata Monday, 02 October 2023 10:34 PM
නිකන් අපේ සල්ලිකන වැඩ කරන්න එපා. දැක්කනේ බෙහෙත් හොරට ගෙනැල්ලා වුණු දේ... මේ කාලකණ්ණි පොහොට්ටු එක්ක ... මොන විශ්වාස භංගද?
Nimal Tuesday, 03 October 2023 08:52 AM
බොරු වැඩනම් කරන්න එපා.සල්ලි කෝටි ගානකුයි ,දවස් 3 ක් විතරයි නාස්ති කරන්න නම් ලැස්ති වෙන්න එපා