
(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව එම සමාගම පවසයි.
ඒ අනුව එල්.අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 කින්, ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් ඉහළ දැමූ බවත් එම සමාගම කියයි.
එම මිල ඉහළ දැමීත් සමඟ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 බවට පත්වූ බව එල්.අයි.ඕ.සී. වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ පිනාගේ යි පොහොට්ටුවන්ගෙයි විකිණීමේ ප්‍රතිඵල, දැන් ඒ ගොල්ලෝ තරඟකාරී විදිහට මිල වැඩි කරනවා... අනිත් සේවා සපයන ආයතන ටික විකුණුවත් ඕක තමයි වෙන්නේ. දැන්වත් අවදි වුණොත් හොඳයි හැමෝම..!
ආණ්ඩුවේ සමාගම් පුද්ගලික සමාගම වලට තියෙන්නේ ඒවා නිසා අපට අඩුමිලට ගන්න පුළුවන් කියලා. ඇයි අඩුමිලට දෙන්නේ නැත්තේ?
මෙයාලාට බැරිද දන්නෑ අපිටත් අදායමයි ජීවන වියදමයි සමකරගන්න සූත්‍රයක් හදලා දෙන්න.. බින්දුව වෙන එකත් හොඳයිනේ ඍණවෙලා ණය වෙනවාට වඩා...!
බහුජාතික සමාගම් ඇවිල්ලා අපිට හැම දෙයක්ම ලබෙට පහසුවට දෙනතුරු බලාගෙන ඉන්න සම..හරක්ගේ ඇස් තවම පෑදිලා නැතුව ඇති.
කෝ ඇමැතියා කිව්වේ, තරගයට ගියාම නිකන්ම තෙල් මිල අඩුවෙනවානේ.. දැන් කොහොමද සේරම ටික ටික කට ඇරලා මාකට් එක කන්ට්‍රෝල් කරන හැටි. ඇමැතියට, අපට වකුගඩුවක් දෙන්න පුළුවන්... නමුත් අපිට මොලයක් දෙන්න බැහැ.
දැන් ඔක්කොම තෙල් කම්පැනිවලට සනීපයි නේද? රට පෙරට, අපි වලට...