IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විපක්ෂයේ එකම පැතුම අයි.එම්.එෆ් දෙවැනි වාරිකය අහිමි වීමයි

(අංජුල මහික වීරරත්න)

වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නො ලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(2) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් රජය මොහොතේ  ක්‍රියා කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා සැප්තැම්බර් මාසයේ සමාලෝචන රැස්වීම් පැවැත්වුයේ එම කාරණය සඳහා බව කීය. 

එම සාකච්ඡා වල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කොන්දේසිවල යම් යම් ආකාරයේ ගැටළු ටිකක් මතු වූ බවද   ඉදිරි සති තුන ඇතුළදී එම සාකච්ඡා අවසන් වී ඉතිරි ණය වාරිකය ලබා ගැනීමට හැකි වෙතියි   විශ්වාසය  තිබෙන බවද රත්නප්‍රිය මහතා පැවසීය.



අදහස් (14)

විපක්ෂයේ එකම පැතුම අයි.එම්.එෆ් දෙවැනි වාරිකය අහිමි වීමයි

Channa Monday, 02 October 2023 04:08 PM

අපේ එකම පැතුම 2048 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමයි.

:       0       0

වටලප්පං Monday, 02 October 2023 04:27 PM

අනේ නර්ස් මහත්තයෝ කට වහගෙන දන්න දෙයක් ගැන විතරක් කථා කරන්න.

:       0       0

Amal Monday, 02 October 2023 04:29 PM

කොහේද අප්පේ ඉන්නේ මේ වැඩබලන මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා...!

:       0       0

wedage Monday, 02 October 2023 04:50 PM

පිරිමි හෙදියගේ කතාව හරිම අසෝභනයි...

:       3       13

abaranTuesday, 03 October 2023 12:57 AM

වෙදගේ උන්නැහේ අනුන්ට අපහාස කරන්න ගියාම කුණුවෙන්නේ තමන්මයි. දැන් ඔයා පිරිමි දොස්තර, පිරිමි ගණකාධිකාරී, පිරිමි විදුහල්පති එහෙම කියලත් මිනිස්සුන්ව හඳුන්වනවාද? මේ රත්නප්‍රිය මහතා කියන්නේ ඇත්ත. විපක්ෂයේ ඉන්න පක්ෂ හා කණ්ඩායම්වල පැතුම තමයි මෙකී ණයමුදල නොලැබේවාය යන්න. ඔයත් ඉන්නේ ඒ කුහකයින් අතර බව පැහැදිලියි...

:       0       0

මැක්ස් Monday, 02 October 2023 05:03 PM

තමුන් විපක්ෂයේ ඉන්න කොටත් ඒකම තමයි උන්නැහේ කෙරුවේ... අපි මැරිලා ඉපදුණා කියලාද හිතුවේ...? තමුන් ඉතාම පහත් එන්ජී..ඕ කපුටෙක් කියන එක රට දන්නවා. යහපාලන කාලේ එක දවසකට චිට් මන්ත්‍රීවෙලා ලොකු වාහනයකට උරුමකම් කීවා කියලා දන්නවා. යුද්ධය කාලේ ප්‍රභාකරන්ට ගැතිකම් කළා කියන දේත් රටට මතකයි...

:       0       0

Hafeel Monday, 02 October 2023 05:07 PM

එතකොට දින හයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කෝටි ගණන් වටිනා වාහන බලපත්‍රයක් ගන්න එක හොඳද? මෙහෙමද රටේ ආර්ථිකයට දායකත්වය දෙන්නේ?

:       3       11

සොරිසේන Monday, 02 October 2023 06:10 PM

විපක්ෂය සිතූ පැතූ පමණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් නොලැබෙන බවත්, මුදල් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ එතුමාගේ නායකයා ජනාධිපතිත්වය දරන රජයේ ක්‍රියාකාරිත්වය මත පමණක් බවත් මෙම හයක් හතරක් නොදත් කිරි සප්පයට කවුරුහරි කියා දෙන්න.

:       3       13

Prabha Monday, 02 October 2023 06:58 PM

මොනවා කරන්නද? ඒක එයාගේ දැනුමේ තරම තමයි.

:       4       8

Bamunuarachchi Monday, 02 October 2023 06:12 PM

විපක්ෂයට බම්බු ගහගන්න කියලා රජය කරන වැඩේ හරියට කරන්න...

:       9       9

රංජිත් Monday, 02 October 2023 06:19 PM

ගන්න ණය වලින් කරන මඟුලකුත් නෑ... ඔය ණය ගෙවන්නේ කවුද එතකොට...? ලොකු සල්ලිකාරයින්ගෙන් බදු ගහන්නෙ නැතුව දුප්පත් අපිවම හූරාගෙන කනවා...

:       4       10

බද්රානි Monday, 02 October 2023 07:27 PM

නර්ස් නෝනා, මහත්තයලා ඉස්පිරිතාලේ ඇතුලේ සෙල්ලම් දාන විදිහට, මූල්‍ය අරමුදල හෝ විපක්ෂය ක්‍රියා නොකරන බව නම් විශ්වාසයි. නොදන්නා ආර්ථික විද්‍යාව ගැන කතා නොකර, දන්නා කියන හෙද විද්‍යාව ගැන කතා කළොත් නේද හොඳ..? අර "බල්ලාගේ වැඩේ බූරුවා නොකර".. මට නම් හිතෙන්නේ, වැඩබැරි ටාසන්ලාට කතාව හැර වෙනත් කිසිවක් නම් බැරි බවයි... මෝඩයින්ගේ රටේ කබ්බෝ කරලියේ පිනුම් ගහනවා.. වෙන ඉතින් මොනවා කියන්නද මේ විකාර කතා වලට...?

:       0       0

ගමේ එකාලා Monday, 02 October 2023 08:59 PM

තමුනුත් ඒ කාලේ කියපු, කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...!

:       0       0

Rata Perata Monday, 02 October 2023 10:26 PM

රනිල්ගේ දුර්වලකම කොච්චරද කියනවා නම්, හෙදියෝත් ආර්ථික ඔස්තාර්ලා වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site