(සුජිත් හේවාජුලිගේ)
මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
විවිධ බලපෑම හේතුවෙන් තමා සේවයෙන් ඉවත්ව යන බව මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා පසුගියදා ප්‍රකාශ කළේය .
ඔහු මේ වනවිට කැනඩාවට ගොස් සිටින බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජන ගර්ජන තිබෙනවා යයි කියා සේවයෙන් ඉවත්වන දිනම රට හැර යාමත් ඔය පරීක්ෂණ අතරට දාගෙන හොයනවා නම් හොඳයි. ඒ වගේම හිටපු නීතිපති වරයකුත් සේවයෙන් විශ්‍රාමයන දවසේම පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළා. ඊට පස්සේ ඒ ගැන තවදුර විස්තර හොයන්න රහස් පොලිසියට එන්න කිව්වාම ඒක මග හරිනවා. මේවා ගරු රඟපෑම් මට නම් හිතෙන්නේ. ලබන අවුරුද්දේ "ජිනීවා සමය" ළං වෙනකොට චැනල් 4 කාරයෝ මේකෙනුත් චිත්‍රපටයක් හදයි. අපේ ක්‍රෝධ සෙට් එකට පුළුවන් එක කරේ තියාගෙන යන්න. ටික දවසක් ගිහින් චැනල් 4 කට්ටිය තමන්ගේ නාට්‍යය ගැන වග වෙන්න බෑ කිව්වාම අර කට්ටියට පුළුවන් ඒවා ඇහුනේ නැහැ වගේ ඉන්න.
ඔය ඇමැතිගේ ඕඩර්ස් හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ...
අනේ මෙයා එක වෙන්න ඇති... දේශබන්දු ගේන්න පොරකන්නේ අපි මෝඩ නැහැ හොඳේ...!
එතකොට ඔය මහේස්ත්‍රාත්වරයා නඩු පහක වගඋත්තරකරු කියලා තිබුණා නේද? ඒ ගැන මොකද වෙන්නේ..?
චැනල් 4 වගේ ටී.සර්වනරාජ කාරයාත් අපිට මස් කට්ටක් දාල පැන්නා. මෑන් වීසා හදාගෙන ගුවන් යානා අනුමැතිය ලැබෙන තුරු නිශ්ශබ්දව ඉඳලා ඊයේ අස්වෙලා අද පැන්න මරණ තර්ජන එන්න ඇත්තේ දෙමළුන්ගෙන්... කුරුන්දි විහාරයේ තීන්දුව සිංහලයින්ට වාසියට දුන්නොත් වැඩ වරදියි කියලා...