ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් මන්ත්‍රී විමල්ට එන්තරවාසියක් ’’ නවය: සැඟවුණු කතාව’’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එම ග්‍රන්ථයේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේ යැයි කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත බව සඳහන් කරමින් හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් වීරවංශ මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමු කරනු ලැබ ඇත. 01 June 2023
සිමෙන්ති 300 කින් බහී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (1) පැවසීය. 01 June 2023
පොසොන් පෝය දා සිරකරුවන් පිරිසකට සමාව පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි. 01 June 2023
විදේශීය දුම්වැටි 2000 ක් කොළඹදී අල්ලයි නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ප්‍රවාහන කරමින් තිබූ විදේශීය දුම්වැටි 2000 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 01 June 2023
රන් කොල්ලය අතේ මාට්ටු වී සේවකයාට ඇසිඩ් ගසා පැනලා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු රන් භාණ්ඩ සොරා ගැනීමට යාමේදී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි . 01 June 2023
ජපුර රෝහලේ කොටසක කට්ටියක් බලෙන් පදිංචි වෙලා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙහි කොටසක කිසියම් පිරිසක් කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචිව සිටියත් ඒ ඒ පිරිස ඉන් ඉවත් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. 01 June 2023
ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි පෙට්‍රල් මිල පහත දැමීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමු කර ත්‍රිරෝද රථ ගාස්තු පහත දැමීමට තීරණය කර ඇති බව ඇතැම් ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි. 01 June 2023
ජාතික සමාජ සංවර්ධන ආයතනයට නව අධ්යක්ෂවරයෙක් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රවීන්ද්‍ර කුමාර විතානාච්චි මහතා අද (1) වැඩ භාරගත්තේය. 01 June 2023
හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි සේවය කල තරුණයකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි කියන සිද්ධියට අදාළව එම වෙළඳසලේ සිවිකර තිබු සී.සී.ටී.වී. කැමරා වල පටිගත වී තිබු දර්ශන කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ ප්‍රදර්ශනය කරමින් පැහැරගැනීමට ලක්වු අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අද (01) සාක්කි දුන්නේය. 01 June 2023
කෝටි 4 ක ජල පරීක්ෂණ රථය කැලෑවට ඇරලා ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට චීන රජය ප්‍රදානයක් වශයෙන් ලබාදී ඇති රුපියල් කෝටි 4ක් පමණ වටිනා ඡංගම ජල තත්ව පරීක්ෂණ රථය කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා යොදා නොගෙන අමාත්‍යංශ පරිශ්‍රයේ ගාල්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළඅලුත්ම වාර්තාවක සඳහන් වේ. 01 June 2023
විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය. 01 June 2023
මත් වී රාජකාරි කළ සැරයන්ට වැඩ වරදී මත්ද්‍රව්‍ය පානය කරමින් රාත්‍රී රාජකාරියේ යෙදී සිටී පාදුක්ක පොලීසියේ සැරයන්වරයකු වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය කියයි. 01 June 2023
න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා අද පෙරවරුවේ හමුවිය. 01 June 2023
රුපියල ගැන අනතුරු අඟවයි ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. 01 June 2023
ලංකා සතොස භාණ්ඩ 6ක මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 01 June 2023
‘‘මුදල් දුන් කතාව පට්ටපල් බොරුවක්‘‘ මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ . 01 June 2023
සා.පෙ. උත්තර කියාදුන් ගුරුවරයා රාජකාරියෙන් ඉවතට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග) එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය. 01 June 2023
රුපියල ගණන් උස්සයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(01) තවත් ශක්තිමත් වී තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව අද(01) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත. 01 June 2023
බැංකුවට ගෙනා ලක්ෂ 50 රැගෙන පළාගිය රියදුරු අල්ලයි අවිස්සාවේල්ල නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් සොරා ගෙන අනියම් බිරිඳ සමඟ පලාගිය මුදල් රැගෙන ආ කැබ් රියේ රියදුරු අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. 01 June 2023
‘සජිත් ,ඩලස් ගැන ඇහැ ගහගෙන ඉන්න‘ රාජපක්ෂලා හොරු හැටියට හංවඩු ගහන විපක්ෂයේ කණ්ඩායම් රාජපක්ෂලා විසින් තනතුරු වලට පත් කරපු අය ආරක්ෂා කරන්න ඡන්දය දී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 June 2023
මැර කල්ලි භාවිත කරන ආයුධ යාපනයෙන් හසු වෙයි යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය කියයි. 01 June 2023
අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද අළුයම මුහුදට ඇද වැටී මිය ගොස් ඇතැයි වරාය පොලීසිය කියයි. 01 June 2023
බෲනෝ දිවාකර ලබන 7 තෙක් රිමාන්ඩ් බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් නතාෂා එදිරිසුරිය ඉදිරිපත් කළ ප්‍රහසන වැඩසටහනක් යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හැරීයේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝ කළේය. 01 June 2023
ඉලෝන් යළි ලොව ධනවත්ම පුද්ගලයා වෙයි ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාර්ඩ් ආර්නෝල්ට් පසු කරමින් ඉලෝන් මස්ක් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වී තිබේ. 01 June 2023
පොලී අනුපාත පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්රත්පත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. 01 June 2023
වායු රයිෆලයක් ගෙන ගිය කුවෙට් ජාතිකයා ගුවන්තොටෙන් අල්ලයි වායු රයිෆලයක් ගමන් බෑගය තුළ සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 01 June 2023
ලක්ෂ 50 ක කුඩු සමඟ දෙකක් මාට්ටු මහරගම නාවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලක්ෂ 50 ක පමණ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 01 June 2023
පස් කන්දක් වැටී උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 June 2023
මත් ජාවාරම්කරුවන් හතරක් අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග කල්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි. 01 June 2023
පළාත් රැසකට තද වැසි බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 01 June 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026