(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි  තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගයට චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර කැඳවා සිටින අතර ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගය වූ පාකිස්තානු පිලට එරෙහි තරගයට ක්‍රීඩා කළ දසුන් ශානකට සහ මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම:

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ්  තීක්ෂණ, ඩිල්ෂාන් මධුසංඛ සහ ලහිරු කුමාර

ඕස්ට්‍රේලියනු කණ්ඩායම:

මිචෙල් මාෂ්, ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්,  මානස් ලැබුෂේන්, ජෝෂ් ඉන්ලිස්,ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොනිස්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජෝෂ් හෙෂල්වුඩ් සහ ඇඩම් සම්පා