(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක්  ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි  තලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී   ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 34 ක්,  හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි  ග්‍රෑම් 254 ක ප්‍රමාණයක් තිබු බව නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් තම්මැන්නා කඳවුරේ භට කණ්ඩායමක් ඊයේ අලුයම ඌරුමලේ වෙරළ තිරයේ සිදුකළ හදිසි සේදිසියකදි වෙරළේ තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සෝදිසි කිරීමේ දී  එහි සුක්ෂම ලෙස  සඟවා   තිබු මෙම  මත්ද්‍රව්‍ය තොුගය සොයාගෙන ඇත.

ඩිංගි යාත්‍රාවේ පාර්සල් 10 ක මේවා අසුරා තිබු බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර  සිදුකරන සෝදිසි මෙහෙයුම් වල ප්‍රතිපලයක් වශයෙන් මෙම මත්ද්‍රව්‍ය  තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

කිසියම් සැකකරුවන් පිරිසක් මේවා මුහුදු මගින් රැගෙන විත් පිටතට රැගෙන යාම සදහා යාත්‍රාවේ සඟවා නාවික හමුදාව දැක පලා යන්නට ඇති බව නාවික හමුදාව සැකකරයි.