(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ නගරයේ සැරිසරමින් මැණික් ගල් යැයි පවසා විවිධ පාටින් යුත් ගල් පෙන්වා පුද්ගලයන් රැසක් රවටා රන් භාණ්ඩ වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරයින් මත් කුඩු ගෑම් 10 ක් සමගිනි.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය දිවයිනේ ලියාපදිංචි අපරාද කරුවන් ගේ ලේඛනගතව සිටින තැනැත්තන් බව පොලිසිය කියයි.
සැකකාරිය වයස අවුරුදු 63 ක් බටපොල පදිංචිකාරියක් වන අතර සැකකරු අවුරුදු 59 ක් වන මත්තල පදිංචිකරුවෙකි .
මෙම සැකකාරිය සහ සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ මැණික් ගල් ( විවිධ පාට ගල්) පොලිසිය මඟින් සොයාගෙන ඇත
සැකකරුගේ සහ සැකකාරියගේ වංචාවට හසු වූ පුද්ගලයන් සිව් දෙනකු මේ වන විටත් හොරණ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඒවට රැවටෙනවා නම් දේශපාලකයන්ගේ ගුණ්ඩුවලට කොහොමට අහුවෙයිද? රටේ වැඩි දෙනා ඔහොම අය....ලංකාවට කෙළවිලා තියෙන්නේ ඒ නිසා...