
(අංජුල මහික වීරරත්න)
යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (16) සිදුවිය.
යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා වසර 50 කාලයකට දෙනු ලැබුණි.
මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් කැනේඩියා ආයෝජන සමාගමේ සභාපති indy pathmanathan සහ ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහත්වරු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කළත්... මේ ආයෝජනය කරන මුදල නම් "ප්‍රශ්න සහගතයි". රුපියල් බිලියන 5000ක් කියන්නේ අද ඩොලර් බිලියන 12 කටත් වැඩියි. අනික මෙහි ගොඩනැගිලි පවා ඉදිකර අවසන්... මේ ආයෝජනය පසුපස "කොරගහන, ගඳගහන, ගම්පහ කප්පම් බඩා" සිටින්න බැරි නැහැ, ඒ වගේමයි බඩාට ප්‍රංශයේ ද්‍රවිඩ ජාතිකයින් හරහා කැනඩාවේ සම්බන්ධකම් තිබෙනවා.. ඒ බව මම පුද්ගලිකවම දන්නවා. (ජාතික ජනබලවේගයේ අවධානය පිණිසයි)
රුපියල් බිලියනයක් කියන්නේ කෝටි 100ක්. කෝටි 100 ඒවා 5000 කියන්නේ අතිශය ඉහළ වියදමක්. බුදු අම්මෝ...! කෝටියේ ඒවා ලක්ෂ 5ක් කියන්නේ රුපියල් ට්‍රිලියන 5ක්... මේ ඇත්තද කියන්නේ?
රාජපක්ෂලා හොරාකාපුවා ඔවුන්ගේ වාසියටම ආපහු එනවා වෙන්නත් බැරි නෑ.