(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල කොස්ලන්ද මිරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස නාය අවදානම් කලාපයේ සිටින ජනතාවට ඉවත් වීමට දැනුම් දී ඇතත් එම නිවේදනය නොසලකා තවදුරටත් එහිම රැඳී සිටින පවුල් 49 අද (16) පොලිසිය ද මැදිහත් කරගෙන ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය කීවාය.
එළවළු කොටු, කුකුළන් ,එලුවන්, හරකුන් වැනි සතුන් ද දමා සිය ජීවිකාව අතහැර පදිංචි ස්ථාන වලින් ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශ කරන බවද එහෙත් ඔවුන් එම ස්ථානවල සිටීම ඉතා අවදානම් බව ද ප්‍රාදේශීය ලේකම් මහත්මිය කීවාය.
මේ අවදානම් බව තේරුම් කර දුන්නද ඒවා නොසලකා තවදුරටත් එහිම රැඳී සිටින බැවින් එම පවුල් 49 ක ජනතාව වෙත ලිඛිතව දන්වා පොලිසියද මැදිහත් කරගෙන ඉවත් කිරීමට තීරණය කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ.ජේ. ප්‍රියංගනී මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මහ වැසි සමග නාය යාමේ පූර්ව ලක්ෂණ මිරියබැද්ද හා අවට පහළ වීමත් ඉදිරි දිනවල වර්ෂාව තවදුරටත් අධිකව පවතින බවට පුරෝකතනය ලැබී තිබීමත් යන පසුබිමක් තුළ මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාය ගිය ස්ථානයේ නැවතත් නාය යාමක් බොහෝවිට වෙන්නෙ නැහැ ඒ වගේම යම් යම් නිළධාරින් මෙතන නාය යනවා අතන යනවා කියලා ජනතාව ඉවත්කර අපහසුතාවයට පත් කරනවා ඒවා මීරියබැද්දේ පමණක් නොවෙයි අනෙක් පළාත් වලත් සිදුවෙලා තියෙනවා කොහොම වුනත් නාය යාමට මිනිස් ක්‍රියාකාරකම්ද හේතු වෙනවා