(යොහාන් භාසුර)

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය වසර 14 කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව මෙම වසරේ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය ජා-ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී ලබන දෙසැම්බර් මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.