
(අංජුල මහික වීරරත්න)
මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැලැක්වීම නව විකාශන අධිකාරී පනත වන "මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ" ප්‍රධාන අරමුණ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ලෝකයේ දියුණු රටවල් ෆේස්බුක්,ට්විටර්,ටික් ටොක්,ඉන්ස්ටග්‍රෑම්,යූටියුබ් වැනි සමාජ ජාලා සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේ දී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ලොව දියුණු රටවල් මාධ්‍ය නිවැරදි කිරීම සඳහා මෙන්ම ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහා නීතිරීති පද්ධතියක් සකස් කරගෙන තිබෙන බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරී පනත සිංගප්පූරු දියුණුවට ඉතා වැදගත් වී තිබෙන්නේ යැයි ද අබේවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුව දියුණු වෙච්චි අලුත්ම ක්‍රමය දැනගන්න කොට ඔබතුමාගේ වයස කීයද?
වෙන රටවල ඔයවගේ අය නැහැනේ ආණ්ඩුවල... ඡන්දයකුත් නැහැ. කවුරුහරි නායකයෙක් කියන කෙනෙක්ගේ පස්සේ එල්ලිලා ඇවිල්ලා කයිය ගහනවා. ඔය වගේ ගොන් වැඩ දියුණු රටවල නැහැ.
ඔය කතා හොඳයි මොන්ටිසෝරි ළමයින්ට. තනිකර ජනතා මර්ධනයක් යන්නේ. ඡන්දයක් තියන්න වහාම... නුඹලා ෆේල්...
සමජ්ය ජාල මාද්‍ය වලට වාරන පනවපු , එවා තහනම් කරපු ලොකෙ දියුනු රටවල නම් ටික කියන්න පුලුවන්ද ?