(බී.ජී.චතුරංග )
රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදු කෙරුණි.
සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලුම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය.
ඔහුගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.
මෙරට රජයේ රෝහලක පළමු වරට මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ, 2020 වර්ෂයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.
මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි
ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතාය. ඔහු ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත් කරමින්ය.
මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට ( සිහි මුර්ජා තත්ත්වයට ) පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුන අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation ) පවත්වා ගන්නා ලදි.
මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් , ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත් , සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතර තුරම ව්‍යාධිජනක කොටස ( ගෙඩිය / tumour ) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) සිතුවම ඇත්තේද මෙම රෝගියා විසින් බව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.
ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.
මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත් ඇතුළු කණ්ඩායමක් විසින්ය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ "C" ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට සහ 31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන
බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්වරයකු ලෙස පෙනී සිටින, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්
Mohan Mangala Monday, 16 October 2023 04:23 PM
අපිට හොඳ දක්ෂ දොස්තරලා සහ සෞඛ්‍ය ස්ටාෆ් එකක් ඉන්නවා .ඇත්තෙන්ම ආඩම්බරයි
මහසෙන් Monday, 16 October 2023 05:15 PM
ජීවකයින්ගේ දරුවන්... ආඩම්බරනීය සුබපැතුම්...!
සුරංග Monday, 16 October 2023 09:58 PM
ඇත්තටම මෙතරම් දක්ෂ දොස්තර මහත්වරු මහත්මීන් අනුරාධපුර රෝහලේ සිටිද්දී දේශපාලුවෝ සිංගප්පූරු යනවා. සමහර පිරිස් ජාතික රෝහලට යනවා. මෙතරම් සූක්ෂම සැත්කම් කරන්න හැකියාව තියෙද්දි ජැක්සන් මහතා කොළඹට ගෙනාවේ?
ගමේ එකාලා Tuesday, 17 October 2023 08:47 AM
විස්මිත සැත්කම සාර්ථකව කරපු දොස්තර මහත්වරු ඇතුලු සියලුම දෙනාට බොහෝම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා...!