(මහින්ද නිශ්ශංක)
උඩරට මාර්ගයේ හපුතලේ හා දියතලාව අතර අද පෙරවරුවේ පීලි පැනීමට ලක්වූ දුම්රිය පස්වරු 5.00ට පමණ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
මේ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිත බදුල්ල හා කොළඹ, කොළඹ හා බදුල්ල තැපැල් දුම්රිය දෙක ද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදෙන බව දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර පීලි පැනීමට ලක්වූ දුම්රිය කොළඹ බලා ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd