
(අංජුල මහික වීරරත්න)
අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගා අරඹා තිබේ.
TEJC අඹ ව්‍යාපෘතිය යටතේ චාවකච්චේරි එළුතුමට්ටුවාල් ප්‍රදේශයේ අක්කර 500ක TEJC අඹ වගා කර ඇති අතර ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය නිලාවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘති දෙකෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා යාපනයට ගිය අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද සහභාගී විය.
මෙම කෘෂි ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කීවෙි යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරන අතර TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ මිනිසුන් රසායනික පොහොර දියව් යනුවෙන් ඩෙගා නැටූ සමයේ උතුරුකරේ ගොවි මහතුන් කිසිවකුගේ බළල් අත් නොවී කටයුතු කරමින් අපනයන බෝග වගා කරමින් එහි ඵල නෙලා ගත්තේ මේ අයුරිනි. තව දුරටත් ලෝකෙට ණය නොවෙමින්, අපනයනයට ජනතාව උනන්දු කරමින් රටට ඩොලර් ගෙන එන්නන්ට කටයුතු කළ ගෝඨාභය මහතා ද මේ අවස්ථාවේ මතක් කිරීම වෛරී 3% කෙසේවෙතත්, කෘතගුණ දත් අයගේ යුතුකමකි....
ඔතන ඉන්න දැවැන්ත උන්නැහේ වගේ අය හදලා සුමෝ මාකට් එකට දාන්න පුළුවන්. සල්ලි තමයි.
එයාලා ඩෙගා නැටුවෙ නෑ තමිල්නාඩු වලින් රසායනික පොහොර ගෙන්නගන්න පුලුවන් නිසා. ඒ දවස්වල වැලිමඩ ටත් ඒ පොහොර ආවා. සියල්ල දත් මැක්ස්. ඔබ අපාගත වීමට සුදුසුකම් සපුරාලීම දිගටම කරගෙන යන්න.