
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහල දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර යොමු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සැප්තැම්බර් මාසයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.70 ක් සහ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.88ක් ලෙස ඉදිරිපත් කර තිබුණද එම විදුලි ඉල්ලුම වර්තමානය සමඟ සංසන්දනය කර නව තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ජල විදුලි නිෂ්පාදන ඇස්තමේන්තුව ද මේ වන විට සැලකිය යුතු මට්ටමකින් වෙනස්ව ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම කියයි.
ගල් අඟුරු ඉල්ලුම වැඩිවීමකට වඩා ඉල්ලුම පහත වැටීමක් එම කොමිසම බලාපොරොත්තු වන බවත් ගල් අඟුරු මිල පසුගිය මැයි 15 වන දින කිලෝවක් රුපියල් 68.6 සිට සැප්තැම්බර් 4 වැනිදා වන විට කිලෝවක් රුපියල් 52.6 ක් දක්වා පහත වැටී ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය අතුරු විදුලි ගාස්තු ඉහල දැමීමට පසුගිය අගෝස්තු මස මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ අනුව මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීම කළ යුතුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම සුරංගනා කතා. මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි මේ ගේම් එක ගහන්නෙ. උදාහරණයක් විදියට විදුලි බල මණ්ඩලයට 50%ක් වැඩි කරගන්න ඕන නම් ඔවුන් කොමිසමෙන් අවසර ඉල්ලන්නෙ 75%ක් වැඩි කරගන්න ඕන කියල. කොමිසමෙන් ලොරි ටෝක් දෙනව මෙහෙම. පිස්සුද එච්චර වැඩි කරන්න දෙන්න බෑ. උපරිම ඕන නම් 50% දෙන්නම් කියල. මෙයාල හිතන්නෙ 69 ලක්ශයක් තනකොල කෑවට ඉතුරු ලක්ශ 150ම තනකොල කනව කියල.
අඩුමිලට සුර්ය පැනල දෙන්න ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ?