(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කිරුළපන හයිලෙවල් පාර පදිංචිව සිටි ආර් ඒ අමිල සඳරුවන් නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
32 හැවිරිදි සැකකාර සහෝදරයා ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තදින් අයිස් හා හොරයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින අතර ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැකකාර සහෝදරයා විසින් එලවලු කපන පිහියකින් පපු ප්‍රදේශයට පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මත ද්‍රව්‍ය කරපු විනාශයක් ,මල්ලි මැරුණා ,අයියා හිරේ.පවුලේ අය සැමදා දුකෙන් .මත ද්‍රව්‍ය ජාවාරම කරන තිරිසනුන් විනාශ කරන නායකයෙක් ඉන්නවානම් ඔහොම වෙන්නේ නෑ
මෙහෙම ඒවාට දඬුවම් කරන්න ඕන කුඩු ජාවාරම් කාරයින්ට සහ ඔවුන්ට සහාය දක්වන දේශපාලුවන්ට තමයි දේශපාලුවන්ට, කුඩ්ඩන්ට සහාය නොදෙනවා නම් මෙහෙම අපරාධ වෙන්නේ නැහැ. දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමයේ අනුපාත ක්‍රමය මත කුඩ්ඩන්ට, මිනීමරුවන්ට, කසිප්පු කාරයින්ට, හොරුන්ට, අපරාධ කාරයින්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලැබෙනවා... එම ක්‍රමය අහෝසි කරන්න ඕනෑ...