(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල,පලස්තීන න යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින්  බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ  නැතුව  රට ගොඩ ගන්නට බැරි බවද අමාත්‍යවරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

යුද්ධයේ බලපෑමත් සමඟ  ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු ඒ පිරිස බලා සිටින බව කී අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ  අභිලාසය බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන්නේ යැයිද මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.