ග්‍රාම නිලධාරීන්ට සාමදාන විනිශ්චයකාර තනතුර ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 07 July 2023
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් නාගලන් වීදිය ගෑස් වෙළඳ සැලක් තුළ දී තියුණු ආයුධවලින් කපා කොටා තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි . 07 July 2023
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් මේ වසර අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 July 2023
’’ගුණතිලකගේ නඩුවට ජූරි සභාවක් අවශ්‍ය නෑ’’ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩු විභාගයට ජූරි සභාවක් අවශ්‍ය නොවන බව ඔහුගේ නීතිඥවරයා සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. 07 July 2023
රනිල් තමන් ගැන හිතන්නේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීන්දු ගන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහජනතාවගේ අනාගතය ගැන සිතන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 July 2023
ජංගම දුරකතනය පුංචි මලක් පර කරයි පියාගේ ජංගම දුරකථනය පාසලට රැගෙන ගොස් සිටියදී විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන අවුරුදු පහළොවක් වයස සිසුවියක නිවස තුළදී මියගොස් සිටියදි සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි. 07 July 2023
තැනින් තැනට විටින් විට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 July 2023
නෙදර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තගරයට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් වූ අතර ඒ අනුව නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය. 06 July 2023
පාරිතෝෂික ගෙවීමේ නීති වෙනස් කරන්න යෝජනා වර්තමාන කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5 ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කරන බවත් එම නීතිය වර්ෂයකට දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු යැයි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (6) පැවසීය. 06 July 2023
පාර්ලිමේන්තු කමිටුවලට යන නිලධරයන්ට උපදෙස් මාලාවක් පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම් වලට සහභාගී වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුම් දී තිබේ. 06 July 2023
පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් ලෙඩේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්න බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (06) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 06 July 2023
කෝච්චියේ බෑග් උස්සන මැජික් කල්ලියක් ගමන් මලු රැගෙන දුම්රියන්හි ගමන් කරමින් මගීන්ගේ ගමන් මලු වලට තමන්ගේ ගමන්මළු මාරුකරමින් බෑග් සොරකම් කිරීමේ ජාවාරමක නියැලෙන බව කියන සිදුවීමි කීපයක් මේ දිනවල වාර්තා වී ඇති බවත් සිය ගමන්මලු ගැන අවධානයෙන් සිටින ලෙස මගීන්ට දන්වන බවත් ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ උපලේකම් චින්තක සිරිවර්ධන මහතා අද (6) පැවසීය. 06 July 2023
පොලිසියේ යකා නැටූ ඒ.එස්.පී ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවය ද කෙලෙසන ආකාරයෙන් පිලියන්දල පොලිසිය වෙත පැමිණි සියලුම තරාතිරමේ නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 06 July 2023
දූෂණ විරෝධී පනත සම්මතයි දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුව සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණ. 06 July 2023
බැංකු ගිවිසුම් ගත පොලිය ගෙවනවා ස්ථාවර තැන්පතු වල ගිවිසුම් ගත සම්පූර්ණ කාලසීමාව සඳහා අදාළ පොලිය ගෙවීමට බැංකු කැපවී සිටින බව ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික රසල් ෆොන්සේකා මහතා පැවසීය. 06 July 2023
හොරු ඇල්ලීම බොරු බව අලි සබ්රි කියයි විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින් දෙපැත්තට බෙදී බැන ගන්නා බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන් හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2023
සිමෙන්ති මිලත් අඩු කරයි සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය. 06 July 2023
ලාෆ් ගෑස් මිලත් පහළට ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බවත් නව මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම පැවසීය. 06 July 2023
රත්තරන් මිලේ සුළු ඉහළ යෑමක් දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 06 July 2023
ආයුර්වේද පනත ගැන ඇමතිගෙන් සහතිකයක් පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතේ නැතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. 06 July 2023
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රකාශන දෙකක් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්රයේ බලශක්ති අංශයේ ප්‍රකාශන දෙකක් එළිදැක්වීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්රදානත්වයෙනන් පැවැත්විණි. 06 July 2023
‘‘දුන්නු ඇත්තු යළි ගෙන යන්නේ නෑ‘‘ සමාජ මාධ්‍යයේ මොන පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා, හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (Poj Harnpol) මහතා පවසයි . 06 July 2023
ලොරි -යතුරුපැදි ගැටීමෙන් යුවළක් මරුට කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය කළ ලොරියක යතුරු පැදියක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් මරණයට පත්වූ බව දොරටියාව පොලීසිය පැවසීය. 06 July 2023
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම මුද්දරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරිණ. 06 July 2023
වාරිමාර්ග - බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන ඉරානය සමඟ සාකච්ඡා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉරාන රාජ්‍යයේ සංචාරයක් අතරතුර එරට වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මහතා සමඟ ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. 06 July 2023
මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු ට්විටර් එයි ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ. 06 July 2023
නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි රටෙි නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 July 2023
හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නෑ හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් ගෑස් කාන්දුවන බවට කරන ප්‍රචාර පිළිබඳව කළ විමර්ශනයේදී එවැනි ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 July 2023
මෙරට නිල සංචිත ඉහළට මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත. 06 July 2023
ආණ්ඩුවේ හැම සල්ලියක්ම යන්නෙ වැරදි ගිණුම්වලට මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය... 13 June 2026