
(අංජුල මහික වීරරත්න)
එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නා හිමි වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ“ ගෞරව නාමය පිරිනැමීම සඳහා කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පැවැති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද වික්‍රමනායක මහතා පැවැසීය.
මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හිටපු කතානායක නිකායාරක්ෂ සභාවේ සභාපති කරු ජයසූරිය,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරයි අඩුවකට තිබුනේ රටේ මිනිස්සුන්ට මන්ද පෝෂණය
මැයි වෙසක් උත්සවය තියලා වයසක උපාසකම්මලාගේ ඡන්ද ටික ගන්න නේද? කොහොමද ටිකිරි මොලේ...?
කිරිපුතා නමින් තවත් කෙනෙකු තම පෞද්ගලික අදහස් යොමු කරන්නට යෙදී ඇති වග පෙනේ. එබැවින් මෙතැන් සිට මම ඒ අනවර්ථ නාමය භාවිතා නොකරන බැව් දන්වන්නට කැමැත්තෙමි...
කිරි පුතා .ඔය කියන්නේ රටේ හැම දෙනාගේ මන්දපෝෂණය නැතිවුණා දවසක මේ වගේ දේවල් කරන්න කියලද .කවද්ද එහෙම දවසක් එන්නේ