(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(17) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු පාර්ලිමේන්තුව කලක් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙකි.දිවුරුම් දීමෙන් පසු මවුලානා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මැද විපක්ෂයේ පසුපෙළ ආසනයක අසුන් ගත්තේය.
අධිකරණ නියෝගයක් අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධූරය පසුගියදා අහෝසිවිය. ඒ අනුව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මඩකළපු දිස්ත්‍රික් ලැයිස්තුවේ මෙහි ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි අලි සහීර් මවුලානා මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.
ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්ද එම කොමිසම විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd