(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල ඉහල ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහල නොදැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වනවිට රුසියාව සහ යුක්‍රේනය අතරත්, පලස්තීනය සහ ඊශ්‍රායලය අතරත්, පවතින යුද ගැටුම් ඉහල යමින් පැවතීමේ තත්ත්වය මත යූරියා ඇතුළු රසායනික පොහොරවල මිල ගණන් ඉහල යා හැකි වුවත් එම බර මෙරට ගොවීන්ට දරන්නට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මෙතෙක් ආනයනය ලද යූරියා පොහොර තොගවලින් මෙට්‍රික් ටොන් 21,000ක් මේ වනවිට බෙදාහැර ඇති අතර තවත් යූරියා පොහොර විශාල ප්‍රමාණයක් ආනයනය සඳහා මිල ගණන් කැඳවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. රජයට අයත් පොහොර සමාගම් සතුව තිබූ පොහොර එම මිලටම සපයන අතර, අලුතින් මිලදී ගන්නා යූරියා පොහොර මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් තිබුණ ද පැවති මිල වන රුපියල් 9000ක මුදලටම ලබා දෙන බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නම් හැමදාම මොනවාහරි දා ගන්න එක්කෙනෙක් අල්ලාගෙන වගේ .හම් කවුරුහරි මෙයාලා ගැන ගවේශනාත්මක ජනමාධ්‍යක් කලොත් නියම මිනිස්සු අදුනගන්න පුළුවන් වෙයි
ඔව් ඉතිං අම්මා, අප්පගේ දේවල් නෙමෙයිනේ. මහජන මුදල්නේ...! කාලයක් නිකන් පොහොර දුන්නා. නිකං දීලා දීලා තමයි මේ කෙලවාගෙන ඉන්නේ. තවත් දීපල්ලා...!
අම්මගෙන් ලැබුන භූදලෙන්ද අප්පගෙන් ලැබුන භූදලෙන්ද? අපේ බදු මුදලින් සහන දීල පොහොසත් කරන්නේ මොල් කාරයෝ.