(ඉන්දිකා රාමනායක)
මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරීන් 9 දෙනකුට චෝදනා පත්‍ර ලබා දී ඇති බවත්, තවත් 19 දෙනකුට අවවාද පත්‍රිකා ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස් ස්ථාන වෙත මහජනයාගෙන් ලැබෙන පැමිණිළි සම්බන්ධයෙන් පොලිස් මුලස්ථාන යේ උපදෙස් චක්‍රලේඛ මත කටයුතු නොකළ සිදුවීම් 125 ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියමයෙන් පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම සිදුවීම් වලින් ලිපි ගොනු 84 ක් විමර්ශන අවසන් කර ඇති බවත් ගොනු 23 ට ඉදිරයේ චෝදනාපත්‍ර හා අවවාද පත්‍ර නිකුත් කිරීම නියමිත බවද හෙතෙම කීය.
මෙම චෝදනා ලබා ඇති නිලධාරීන් අතර පොලිස් ස්ථානාධිපතිවරුන්, අංශ බාර ස්ථානාධිපතිවරුන්ල සිටින බවත් ඉදිරියේ ඔවුන් තනතුරු වලින් ඉවත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුවී ඕජස් ගලන අපේ සමාජය හදන්න නම් මුලින්ම පොලිසිය හදන්න ඕන . එනිසා වැරදි කල මේ නිලධාරීන්ට දඬුවම් කිරීම අගය කල යුතුයි . ඒ වගේම පොලිසියේ ඉන්නෙත් මිනිස්සු නිසා ඒ අයගේ සේවය තෘප්තිමත්ව කරගෙන යාමට අවශ්‍ය පහසුකම්ද දිය යුතුයි . කොටින්ම කිවතොත් ඔවුන්ගේ නිල ඇඳුමත් අපේ දේශගුණයට ගැලපෙන්නේ නැහැ , විශේෂයෙන්ම කරන රාජකාරියේ ස්වභාවය අනුව. එමෙන්ම ඔවුන්ට ගෙවන වැටුප , ලැබෙන නිවාඩු , ඔවුන්ගේ මානසික පීඩනය යනාදිය ගැනද අවධානය යොමු කරන්න . වැරදි කරන අයට ක්ෂණිකව උපරිම දඬුවම් දෙන්න. එවිට අභිමානවත් පොලිස් සේවයක් හැදේවි .
පොලිස් නිලධාරීන් මාරු කරන්නේ පොලිස්පති නොවේනේ. ඔවුන්ගේ මාරුවීම් කරන්නේ සහ තනතුරු වලින් ඉවත් කරන්නේ ඇමැති වරුන් සහ මන්ත්‍රීවරුන්නේ...!