
(අමදෝරැ අමරජීව)
කවුඩුල්ල වනජීවි කලාපයට අයත් කන්තලේ පේරමඩුවට සිමාවි ඇති මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩිගිය බව ප්‍රදේශවාසීන් පවසයි.
මේ හේතුවෙන් වැවේ ජලය උපයෝගි කරගෙන හේන් ගොවිතැන් හා වෙනත් බෝග වගාකල ගොවින්ට යම් බලපෑමක් එල්ල වන බව ගොවීහු පවසති.
විශේෂයෙන් වැසි රහිත කාලයේදි සිය වගා කටයුතු සිදුකර ගැනීමට නොහැකි වන බවට ගොවින් අනතුරැ ඇගවීය.
මෙම වැව කැඩිගොස් ජලය සිදි යැම හේතුවෙන් සෝමාවතී රක්ෂිතයේ වන අලින්ට ජලය හිඟවිමෙන් වන අලින් ගම් වැදිමේ අනතුරක් ඇති බවද ප්‍රදේශවාසිහු පැවැසහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල වැවක් නොවෙයි කියලා පේනවා... ඉතින් ඔය ප්‍රදේශයේ ජනතාව ඒකරාශි වෙලා වැවේ ප්‍රතිසංස්කරණයක් කරන්න බැරිද? ඔක්කෝම ආණ්ඩුව කරනතුරු හිටියොත් හොඳ ලාභයක් ගොවීන්ට ලැබේවි..!
නිකමට අහන්නේ.., ඔතැන හිටගෙන ඉන්නවාට වඩා ගමේ කට්ටිය එකතුවෙලා ඔය පොඩි තැන වහලා දාන්න බැරිද?