
(ඉන්දිකා රාමනායක)
බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රසුත කළ දරුවන් සය දෙනාම පිරිමි දරුවන් වීම විශේෂ සිද්ධියක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බිළිදුන් සය දෙනාගෙන් පස් දෙනකු කාසල්වීදිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන අතර, එක් බිළිදෙක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
රාගම ප්‍රදේශයේ මවක් විසින් මෙම දරුවන් ප්‍රසුත කර ඇති බවත්, දරුවන් හය දෙනාම නිරෝගි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවටත්, දරුවන්ටත් නිරෝගි සුවය ප්‍රාර්ථනය කරමි.
මේ තාත්තා රූපවාහිනීයට කතා කල ටිකෙන් තේරුනේ කිසිම වගකීමක් නැති ජෝඩුවක් කියා. කෘතිම කලල 6 ක් තැන්පත් කරගෙන. ලමයි බිහිවුනාම මොනවා කරන්න ද කියා හිතුවෙ නැතිලු. නෝනා රස්සාවක් කරන්නේත් නැහැ. පවුලෙන් ආර්ථික උදව්වක් නැතිලු. ජීවන සැලැස්මක් නැහැ. දැන් කියනවා මිනිස්සුන්ට උදව් කරන්නලු. ලමයි නඩත්තු කරන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා බලාපොරොත්තු නොවුන විදියට දරුවන් පිලිසිදුනු. ඒත් මේ අය තමන්ගේ ආර්ථික තත්වය දැන දැනම අයි වි එෆ් කරලා අමාරුවේ වැටිලා. දොස්තරත් කිව්වා මෙහෙම එක පාරට කලල 6 ක් තැන්පත් කරගන්තු එක ව්‍යිද්‍ය නීති වලට පටහැනි කියලා.