(සුමිත් පොතුපිටිය)
කිරිබත් පාර්සලයක සැඟවු ජෙල් පැකට්ටුවක් තුළ හෙරොයින් පැකට් 29 ක් සගවා කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි.
පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කීය.
අමුත්තන් පරික්ෂාවේ යෙදුන බන්ධනාගාර නිලධාරිනියකට සැකසිතී කිරිබත් පාර්සලය පරීක්ෂණ කිරීමේදී ඒ තුල ජෙල් පැකට්ටුවක් දමා එහි මිලි ග්‍රෑම් 138 ක බරින් යුත් පැකට් 29 ක සූක්ෂ්මව අසුරා තිබියදී හමුවී ඇති බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd